පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4410/’13
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2014 වර්ෂයේ දැයට කිරුළ වැඩ සටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කරනු ලබන මාර්ග කවරේද;
(ii) එම මාර්ගයන්හි සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම් සිදුකර තිබේද;
(iii) එසේ නම්, එම එක් එක් මාර්ගයේ සංවර්ධනයට අදාළව ටෙන්ඩර් ප්‍රදානය කරන ලද ආයතන කවරේද;
(iv) එක් එක් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ප්‍රදානය කරන ලද ටෙන්ඩර්වලට අදාළ ගිවිසුම් ගත මුදල් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-01-22
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඇමුණුමේ A කොටස** මඟින් සංවර්ධනය කරනු ලැබූ සියලු මාර්ග සවිස්තරාත්මකව දැක්වේ.
· සංවර්ධනය කළ මුළු මාර්ග ගණන - 891
· මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග - 27
· මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ග - 10
· මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ඉදි කිරීම් හා මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් අධීක්ෂණය කරන මාර්ග - 13
කුරූණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරනු ලැබූ අතුරු මාර්ග - 841
|
අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
සංවර්ධනය කරන ලද අතුරු මාර්ග ගණන |
|
01 |
පඬුවස්නුවර නැඟෙනහිර |
07 |
|
02 |
පඬුවස්නුවර බටහිර |
06 |
|
03 |
නිකවැරටිය |
10 |
|
04 |
බමුණාකොටුව |
20 |
|
05 |
මාවතගම |
17 |
|
06 |
ඉබ්බාගමුව |
35 |
|
07 |
පොල්පිතිගම |
80 |
|
08 |
උඩුබද්දාව |
05 |
|
09 |
කොටවෙහෙර |
11 |
|
10 |
පන්නල |
88 |
|
11 |
පොල්ගහවෙල |
47 |
|
12 |
ගනේවත්ත |
24 |
|
13 |
නාරම්මල |
10 |
|
14 |
ගල්ගමුව |
29 |
|
15 |
කුලියාපිටිය නැඟෙනහිර |
39 |
|
16 |
වාරියපොල |
11 |
|
17 |
බිංගිරිය |
19 |
|
18 |
මල්ලවපිටිය |
37 |
|
19 |
ගිරිබාව |
24 |
|
20 |
කොබෙයිගනේ |
02 |
|
21 |
අඹන්පොල |
22 |
|
22 |
මාස්පොත |
10 |
|
23 |
කුලියාපිටිය බටහිර |
53 |
|
24 |
වීරඹුගෙදර |
16 |
|
25 |
ඇහැටුවැව |
23 |
|
26 |
රිදීගම |
84 |
|
27 |
අලව්ව |
26 |
|
28 |
රස්නායකපුර |
07 |
|
29 |
මහව |
47 |
|
30 |
කුරූණෑගල |
32 |
|
|
එකතුව |
841 |
(ii) ඔව්.
නමුත් ග්‍රාමීය මට්ටමින් සංවර්ධනය කරන ලද අතුරු මාර්ග සඳහා ටෙන්ඩර් කැඳවීම් සිදු කර නොමැති අතර ග්‍රාමීය සමිති වෙත සංවර්ධනයට අදාළව ටෙන්ඩර් ප්‍රදානය කර ඇත.
(iii) ඇමුණුමේ C කොටස** මඟින් අදාළ කොන්ත්‍රාත් ආයතන දක්වා ඇත.
(iv) ඇමුණුමේ D කොටස මඟින් ටෙන්ඩර්වලට අදාළ ගිවිසුම්ගත මුදල් ප්‍රමාණ වෙන් වෙන් වශයෙන් දැක්වේ.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග - රු. මි. 12,280.49
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ග - රු.මි. 586.48
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ඉදි කිරීම් මඟින් අධීක්ෂණය කරන මාර්ග - රු.මි. 631.27
කුරූණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරනු ලැබූ අතුරු මාර්ග - රු.මි. 134.49
ඒ අනුව අවසාන වශයෙන් මුළු ආයෝජනය - රු.මි. 13,632.73
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks