පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4409/’13
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දැදුරු ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිසා අවතැන් වූ පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සියලු පවුල් සඳහා වන්දි ප්‍රදානය කර තිබේද;
(iii) එලෙස ගෙවා ඇති වන්දි මුදල් ප්‍රමාණය කොපමණද;
(iv) මෙතෙක් වන්දි මුදල් නොලැබු අවතැන් වූ පිරිස් සිටීද;
(v) එම පිරිසට වන්දි නොගෙවීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-04-10
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) වාරිමාර්ග ව්‍යාපාර ඉදි කිරීම් කටයුතුවලදී කිසිදු පවුලක් අවතැන් වීමට අමාත්‍යාංශය ඉඩ නොතබන නිසා "අවතැන් " යන වචනය භාවිත කිරීම සුදුසු නැත. දැදුරු ඔය ව්‍යාපෘතියේ ඉදි කිරීම් නිසා බලපෑමට ලක්වූ පවුල් සංඛ්‍යාව 900කි. මින් පවුල් 602කගේ නිවාස ජලාශයට යට වීම නිසා බලපෑමට ලක් වී ඇති අතර ඉතිරි පවුල් 298ට අයත්ව තිබූ කුඹුරු ඉඩම් සම්පූර්ණයෙන්ම ජලාශයට යට වීම නිසා ඔවුන්ගේ ජීවිකාව අහිමි වී බලපෑමට ලක්ව ඇත.
(ii) නිවාස යට වීම නිසා බලපෑමට ලක් වූ පවුල් 602 අතුරින් පවුල් 597කටම වන්දි ගෙවා ඇත. පවුල් 05කට හිමිකම් තහවුරු කර ගැනීමට නොහැකිවී ඇති බැවින් වන්දි ගෙවා නැත. මෙම පවුල් 597 අතුරින් පවුල් 36ක් හැර ඉතිරි පවුල් 561ම නැවත පදිංචි කර ඇත. ඉතිරි පවුල් 36ද නැවත පදිංචි කිරීමේ කටයුතු කරගෙන යනු ලැබේ.
කුඹුරු ඉඩම් සම්පූර්ණයෙන්ම අහිමි වීම නිසා බලපෑමට ලක් වු පවුල් 298 දෙනා අතුරින් පවුල් 267කට වන්දි ගෙවීම් කර ඇත. ඉතිරි පවුල් 31 සඳහා හිමිකම් තහවුරු කර ගැනීමෙන් අනතුරුව වන්දි ගෙවීමට කටයුතු කරනු ලැබේ. ඒ සඳහා නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇත.
(iii) රුපියල් මිලියන එක්දහස් පන්සිය හැත්තෑහයකි. (රුපියල් මිලියන 1576)
(iv) ඉහත පවුල් 900 අතුරින් තම හිමිකම් තහවුරු කර ගැනීමට නොහැකි වූ පවුල් 36කට තම හිමිකම් සනාථ කිරීමට නොහැකි වී ඇති නිසා දැනට ගෙවීම් කර නැත. මේ සඳහා අධිකරණ නියෝග ලබාගෙන ඉතා ඉක්මනින් ගෙවීම් කිරීමට කටයුතු කරනු ලැබේ.
(v) එම පවුල් 36ට ඉඩම්වල හිමිකම් තහවුරු කිරීමට නොහැකි වීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-04-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks