පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4405/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2013 වර්ෂයේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවේ ගෘහස්ථ පොල් පරිභෝජනය කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එම කාල සීමාව තුළදී අපනයනය හා ආනයනය කරන ලද පොල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන අපනයනය ඉලක්ක කර ගත් පොල් ආශ්‍රිත නිෂ්පාදනයන් කවරේද;
(iii) එම එක් එක් නිෂ්පාදනයන්ගෙන් වාර්ෂිකව අපනයනය කරනු ලබන ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) (i) ඉහත (අ) හි සඳහන් කාල සීමාව තුළදී පොල් වතුර අපනයනය කර තිබේද;
(ii) එසේ නම්, එම පොල් වතුර අපනයනය කර ඇත්තේ පොල් වතුර ස්වරූපයෙන්ද; නැතහොත්, පොල් වතුර ආශ්‍රිත නිෂ්පාදනයන් වශයෙන්ද;
(iii) පොල් වතුර හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කළ රටවල් කවරේද;
(iv) එම අපනයනයන්ගේ ප්‍රමාණය කොපමණද;
(v) පොල් වතුර හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම තුළින් ලැබූ මුළු ආදායම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) (i) ශ්‍රී ලංකාව තුළ පොල් නිෂ්පාදනය ආරම්භ කරන්නෙකු සඳහා රජය මගින් ලබා දිය හැකි සහන කවරේද;
(ii) එම සහන ලබා ගැනීම සඳහා නිෂ්පාදකයෙකු විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේදය කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-21
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ගෙඩි මිලියන 1,522යි. (එක්දහස් පන්සිය විසිදෙකයි)
(ආ) (i) අපනයනය - පොල් ගෙඩි 17,951,000කි. (මිලියන දාහතයි දශම නවයයි පහයි එක)
පොල් ආනයනය කිරීමක් සිදුකර නොමැත.
(ii)
|
පොල් මද ආශ්‍රිත නිෂ්පාදන |
පොල් තෙල්, නැවුම් පොල් තෙල්, දිසිඳි පොල්, කොප්පරා, ගෙඩි පොල්, බීජ පොල්, තැඹිලි, පුන්නක්කු, පොල් ක්‍රීම්, පොල් කිරි පිටි, මේදය ඉවත් කළ පොල්, පොල් අරක්කු, විනාකිරි හා ෆැට් ඇසිඩ්. |
|
පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන |
පොල් කටු අඟුරු, සක්‍රිය කාබන් සහ පොල් කටු පිටි |
|
කොහු ආශ්‍රිත අමුද්‍රව්‍ය නිෂ්පාදන |
ගුදිරි කොහු, බ්‍රිස්ටල් කොහු, දඟර කොහු |
|
කොහු ආශ්‍රිත නිමි භාණ්ඩ |
කොහු ලනු, කොහු කඹ, තවාෂි බුරුසු, රබර් මිශ්‍රිත කොහු හා බුරුසු, කොහු කළාල, කොහු පාපිසි, කොහුබත්, පොල් ලෙලි කැබලි, මිහිසළු, උද්‍යාන වගා ආශ්‍රිත නිෂ්පාදන |
|
අනෙකුත් නිෂ්පාදන |
පොල් ඉරටු, පොල් ලී ආශ්‍රිත නිෂ්පාදන |
(iii)
|
අනු අංකය |
භාණ්ඩ වර්ගය |
ප්‍රමාණය (මෙ.ටො) |
|
01 |
පොල් තෙල් |
1720 (එක්දහස් හත්සියවිස්ස) |
|
02 |
නැවුම් පොල් තෙල් |
2101 (දෙදහස් එකසිය එක) |
|
03 |
දිසිඳි පොල් |
28202 (විසිඅටදහස් දෙසීය දෙක) |
|
04 |
කොප්පරා |
71 (හැත්තෑ එක) |
|
05 |
ගෙඩි පොල් |
21456 (විසිඑක්දහස් හාරසිය පනස්හය) |
|
06 |
බීජ පොල් |
2021 (දෙදහස් විසිඑක) |
|
07 |
තැඹිලි |
570215 (පන්ලක්ෂ හැත්තෑදහස් දෙසීය පහළොව) |
|
08 |
පුන්නක්කු |
187 (එකසිය අසූහත) |
|
09 |
පොල් ක්‍රීම් |
1591 (එක්දහස් පන්සිය අනූඑක) |
|
10 |
පොල් කිරි |
12570 (දොළොස්දහස් පන්සිය හැත්තෑව) |
|
11 |
පොල් කිරි පිටි |
4702 (හාරදහස් හත්සිය දෙක) |
|
12 |
මේදය ඉවත් කළ පොල් |
3619 (තුන්දහස් හත්සිය දහනවය) |
|
13 |
පොල් අරක්කු (ලීටර්) |
17071 (දහහත්දහස් හැත්තෑඑක) |
|
14 |
පොල් විනාකිරි (ලීටර්) |
24007 (විසිහතරදහස් හත) |
|
15 |
ෆැට් ඇසිඩ් |
2447 (දෙදහස් හාරසිය හතළිස්හත) |
|
16 |
මෙට්ට්‍රස් කොහු |
53142 (පනස්තුන්දහස් එකසිය හතළිස්දෙක) |
|
17 |
බ්‍රිස්ටල් කොහු |
10251 (දහදහස් දෙසීය පනස්එක) |
|
18 |
ට්විස්ටඩ් කොහු |
41406 (හතළිස්එක්දහස් හාරසියහය) |
|
19 |
පොල් කටු අඟුරු |
6359 (හයදහස් තුන්සිය පනස්නවය) |
|
20 |
පොල් කටු හා කටු කුඩු |
438 (හාරසිය තිස්අට) |
|
අනු අංකය |
භාණ්ඩ වර්ගය |
ප්‍රමාණය (මෙ.ටො) |
|
21 |
සක්‍රිය කාබන් |
36629 (තිස්හයදහස් හයසිය විසිනවය) |
|
22 |
කොහු ලණු |
2002 (දෙදහස් දෙක) |
|
23 |
කොහු ටුවයින් |
5728 (පන්දහස් හත්සිය විසිඅට) |
|
24 |
තවාෂි බුරුසු (ඒකක) |
28204993 (දෙසීයඅසූදෙලක්ෂ හාරදහස් නවසිය අනූතුන) |
|
25 |
කොහු හා බුරුසු (ඒකක) |
21298535 (දෙසීයදොළොස්ලක්ෂ අනූඅටදහස් පන්සිය තිස්පහ) |
|
26 |
රබර් මිශ්‍ර කොහු පෑඩ් හා ඇඳන් මෙට්ට (ඒකක) |
7578408 (හැත්තෑපන්ලක්ෂ හැත්තෑඅටදහස් හාරසිය අට) |
|
27 |
බුමුතුරුණු හා පාපිසි (ඒකක) |
568759 (පන්ලක්ෂ හැටඅටදහස් හත්සිය පනස්නවය) |
|
28 |
කොහු ලණු පැදුරු හා බුමුතුරුණු (වර්ග මීටර) |
11017 (එකොළොස්දහස් දහහත) |
|
29 |
කොහු බත් |
143911 (එක්ලක්ෂ හතළිස්තුන්දහස් නවසිය එකොළහ) |
|
30 |
පොල් ලෙලි කැබලි |
11815 (එකොළොස්දහස් අටසිය පහළොව) |
|
31 |
මිහිසළු |
3362 (තුන්දහස් තුන්සිය හැටදෙක) |
|
32 |
උද්‍යාන වගාවන් සඳහා යොදා ගන්නා කොහු ආශ්‍රිත නිෂ්පාදන |
58136 (පනස්අටදහස් එකසිය තිස්හය) |
|
33 |
පොල් ඉරටු |
8375 (අටදහස් තුන්සිය හැත්තෑපහ) |
|
34 |
පොල් ලී |
0.086 (බින්දුවයි දශම බින්දුවයි අටයි හය) |
(ඇ) (i) ඔව්.
(ii) පොල් වතුර ස්වරූපයෙනි.
(iii) හොංකොං, ලෙබනන්, පාකිස්තානය, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය, සොල්වේනියාව, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව.
(iv) 2013 වසර වන විට පොල් වතුර සඳහා ස්ථිර කේත අංකයක් නොතිබුණු බැවින් පොල් වතුර පලතුරු යුෂ සම්බන්ධයෙන් වූ කේත අංකයටම අපනයනය කර තිබේ. පොල් වතුර කොපමණ ප්‍රමාණයක් අපනයනය කර තිබේදැයි නිශ්චිත වශයෙන් කිව නොහැකිය.
(v) 2014 ජූනි සිට සැප්තැම්බර් දක්වා - රුපියල් මිලියන 64.55යි.
(ඈ) (i) a). පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන ආරම්භ කිරීම සඳහා තාක්ෂණික උපදෙස් හා ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් ලබා දීම.
b). මූල්‍ය පහසුකම් සඳහා සහන පොලී ණය යෝජනා ක්‍රමය යටතේ මහජන බැංකුවෙන් හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් උපරිමය රුපියල් මිලියන 05 දක්වා ණය පහසුකම් ලබා දීම.
c). සුළු හා කුඩා පරිමාණයේ කර්මාන්ත සඳහා යන්ත්‍ර, උපකරණ හා මෙවලම් සහන පදනම මත ලබා දීම.
d). දේශීය හා විදේශීය ප්‍රමිතිකරණය පිළිබඳ විශේෂ දැනුවත් කිරීම.
(ii) පොල් සංවර්ධන අධිකාරියෙහි නිෂ්පාදකයෙකු වශයෙන් ලියා පදිංචි වීම.
(ඉ) ඉහත පිළිතුර අනුව පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-02-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks