01

E   |     |  

 දිනය: 2014-05-22   පිළිතුර ලබා දී ඇත 

4321/2014: හෙද සේවය : පුරප්පාඩු

4321/’13

 

ගරු අනෝමා ගමගේ මහත්මිය,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       ශ්‍රී ලංකාවේ හෙද සේවයේ මේ වන විට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

             (ii)       හෙද සේවයේ පවතින එම පුරප්පාඩු ගණනය කිරීම  සඳහා යොදා ගත් පදනම (රෝගීන්, රෝහල් ඇඳන් සංඛ්‍යාව හෝ වෙනත් ආදී වශයෙන්) කවරේද;

(iii) හෙද ‍සේවය සඳහා තෝරා ගන්නා ලද පිරිසට ස්ථිර පත්වීම් දීමට පෙර කොපමණ කාල සීමාවක පුහුණුවක් ලබා දෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) දිවයිනේ ඇති හෙද අභ්‍යාස විද්‍යාල සංඛ්‍යාව කොපමණද;

(ii) එම හෙද අභ්‍යාස විද්‍යාලයන්හි වර්ෂයක් තුළදී  පුහුණුව ලබා දිය හැකි හෙද හෙදියන් සංඛ්‍යාව කොපමණද;

(iii) එම අභ්‍යාස විද්‍යාලයන්හි අධ්‍යයන කාර්යය මණ්ඩලය (දේශකවරුන්) සඳහා පුරප්පාඩු පවතින්නේද;

(iv) එසේ නම්, එම පුරප්පාඩු පිරවීම පිළිබඳව අවධානය යොමු වී ති‍බේද;

(v) එම පුරප්පාඩු පිරවීම සිදුකරනු ලබන ආකාරය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-22

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 (අ)         (i)      3067යි.

              (ii)      එක් එක් රෝහල් සඳහා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති අනුමත හෙද නිලධාරින්ගේ සංඛ්‍යාව හා දැනට එම රෝහල්වල සේවයේ නියැලී සිටින සංඛ්‍යාව අතර වෙනස පදනම් කර ගනිමින් හෙද සේවයේ පවතින පුරප්පාඩු ගණනය කර ඇත. 

             (iii)      වසර 03යි.  

(ආ) (i) සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ හෙද විදුහල් 18කි.

(ii) 3000ක් පමණ වේ.

(iii) ඔව්.

(iv) ඔව්.

            (v) පළමුවන ශ්‍රේණියේ හෙද ආචාර්යය පුරප්පාඩු  පිරවීම සඳහා පොදු චක්‍රලේඛ අංක 02-108/ 2012 හා 2012.08.27 දිනැති පොදු චක්‍රලේඛය මඟින් අයදුම් පත් කැඳවා සීමිත ලිඛිත විභාගය පවත්වා ඇත. එහි ප්‍රතිඵල ලැබී ඇති අතර, ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පවත්වා අදාළ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරමින් පවතී. විශේෂ ශ්‍රේණියේ හෙද ආචාර්යය පුරප්පාඩු පිරවීම සඳහා පොදු චක්‍රලේඛ අංක. 02-70/2014 හා 2014.04.29 දිනැති පොදු චක්‍රලේඛය මඟින් අයදුම් පත් කැඳවා ඇත. ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පවත්වා එම තනතුරුවල ඇති වී ඇති පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2014-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම.,  මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks