බලන්න

02

E   |     |  

 දිනය: 2014-05-20   පිළිතුර ලබා දී ඇත 

4319/2014: තැපැල් සේවය : වාර්ෂික ආදායම

4319/’13

 

ගරු අනෝමා ගමගේ මහත්මිය,— තැපැල් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ ඇති තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල සහ නියෝජිත තැපැල් කාර්යාල සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)      එම තැපැල් කාර්යාල මගින් දැනට පවත්වාගෙන යනු ලබන  සේවාවන් කවරේද;

(iii) එම සේවාවන් ලබාදීම වෙනුවෙන් රජයට ලැබෙන වාර්ෂික ආදායම කොපමණද;

(iv) තැපැල් සේවාව පවත්වාගෙන යාමට යොදවා ඇති කාර්ය මණ්ඩලය එක් එක් තනතුර අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) තැපැල් සේවය පවත්වා‍ ගෙන යාමේදී කාර්ය මණ්ඩලය සඳහා වැටුප්, නිවාස කුලී, ජල පහසුකම්, විදුලිය හා දුරකථන පහසුකම් ආදිය වෙනුවෙන් වාර්ෂිකව වැයවන මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) නව ටෙලිමේල් සේවාව සඳහා සෑම තැපැල් කාර්යාලයකටම අවශ්‍ය පහසුකම් සපයා තිබේද;

(ii) නොඑසේ නම්, නව ටෙලිමේල් සේවාව පවත්වාගෙන යෑමට සැලසුම්කර ඇති ආකාරය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-20

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

තැපැල් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)            (i)      තැපැල් කාර්යාල                      -    652

                         උප තැපැල් කාර්යාල                     -                 3410

                         නියෝජිත තැපැල් කාර්යාල         -    502

               (ii)      *    සාමාන්‍ය හා රෙජිස්ටර් තැපෑල යටතේ භාණ්ඩ යැවීම සඳහා භාර ගැනීම.

                         *    විද්‍යුත් මුදල් ඇණවුම් සේවාව.

                         *    විභාග ගාස්තු ගෙවීම් භාර ගැනීම.

* තැපැල් හැඳුනුම්පත් නිකුත් කිරීම.

* විදේශ මුදල් මාරු කර ගැනීමේ කටයුතු (වෙස්ටර්න් යුනියන් ආයතනය)

* ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ බැංකු කටයුතු ඉටු කර දීම.

* රක්ෂණ කටයුතු ඉටුකිරීම.- ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය

* අන්ධයින් සඳහා නොමිලේ තැපැල් පහසුකම් ලබා දීමේ කටයුතු ඉටු කිරීම.

* මොබිටෙල් පෙර ගෙවුම් කාඩ්පත් හා රීචාර්ජ් කිරීමේ කටයුතු.

* ටෙලිකොම් පෙර ගෙවුම් කාඩ්පත් අලෙවි කිරීම.

* ටෙලිමේල් සේවා කටයුතු.

* සමාජ ආරක්ෂණ සේවා කටයුතු.

* විශ්‍රාම වැටුප් ගෙවීම. (නොමිලේ)

* මාසික මහජනාධාර ගෙවීම. (නොමිලේ)

* ජාත්‍යන්තර පිළිතුරු කූපන් පත් අලෙවිය.

* ස්පීඩ් පෝස්ට් කුරියර් සේවාව.

* අධිවේගී තැපැල් සේවා කටයුතු.

* මුද්දර විකිණීමේ කටයුතු.

* වාහන දඩ ගෙවීම.

* දේශීය හා විදේශීය පාර්සල් සේවය.

* ජාත්‍යන්තර තැපැල් සේවා කටයුතු ඉටු කිරීම.

* විදුලි බිල්පත් ගෙවීම සඳහා භාර ගැනීම.

* ශ්‍රී ලංකා ටෙලිකොම් බිල්පත් ගෙවීම භාර ගැනීම.

* සන්නිවේදන කටයුතු (අන්තර්ජාල පහසුකම් සපයා දීම.)

* ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීමේ සේවාවන්.

* තැපැල් පෙට්ටි හා තැපැල් මළු සේවාව.

* දුරකථන ඇමතුම් ලබා දීම.

(iii) 2013 වර්ෂයේ ලැබී ඇති හා ලැබෙන වාර්ෂික ආදායම රු.5,907,433,288.02කි.

තවමත් තැපැල් දෙපාර්තමේන්තුව මහජන සේවාවන් සැපයීම අරමුණු කොටගෙන ක්‍රියාත්මක වන අතර, සමහර සේවාවන් සැපයීම වෙනුවෙන් දෙපාර්තමේන්තුවට කිසිදු ආදායමක් නොලැබේ.

(iv)  *** attached

(v)   *** attached

 (ආ) (i) ඔව්.

(ii) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2014-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks