01

E   |     |  

 දිනය: 2013-12-20   පිළිතුර ලබා දී ඇත 

4308/2013: දැනුම සඳහා අධ්‍යාපනය සමාජ ව්‍යාපෘතිය : පරිගණක බෙදාහැරීම

4308/’13

 

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      දැනුම සඳහා අධ්‍යාපනය සමාජය ව්‍යාපෘතිය (EKSP) යටතේ පාසල්වලට පරිගණක බෙදා දෙනු ලැබුවේද;

 

             (ii)      එසේ නම්, ඉහත ව්‍යාපෘතිය යටතේ පරිගණක බෙදා දෙනු ලැබූ පාසල් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) (i) 2012 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට දැනුම සඳහා අධ්‍යාපනය සමාජය ව්‍යාපෘතිය (EKSP) යටතේ මිල දී ගන්නා ලද පරිගණක සංඛ්‍යාව කොපමණද;

(ii) පරිගණක මිල දී ගැනීම පිණිස කොන්ත්‍රාත් ප්‍රදානය කළ සැපයුම්කරුවන්ගේ නම් කවරේද;

(iii) ප්‍රදානය කළ එක් එක් කොන්ත්‍රාත්තුව යටතේ මිල දී ගන්නා ලද පරිගණක සංඛ්‍යාව කොපමණද;

(iv) ප්‍රදානය කළ එක් එක් කොන්ත්‍රාත්තුව යටතේ සැපයුම්කරුට / සැපයුම්කරුවන්ට ගෙවන ලද මිල ගණන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) දැනුම සඳහා අධ්‍යාපනය සමාජය ව්‍යාපෘතිය (EKSP) යටතේ පරිගණක මිල දී ගැනීම පිණිස සැපයුම්කරුවන් තෝරා ගැනීමට වගකිවයුතු ආයතනය කවරේද;

(ii) තෝරා ගැනීම් ක්‍රියාවලියේදී සැපයුම්කරුවන් ඇගයීමට යොදා ගන්නා ලද ක්‍රමවේදය කවරේද;

(iii) ‍තෝරා ගත් සැපයුම්කරුවන් තෝරා ගැනීම් ක්‍රියාවලියේදී නියම ‍කොට තිබූ නිර්ණායක සපුරන ලද්දේද;

 යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

 (ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-12-20

අසන ලද්දේ

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්. දැනුම සඳහා අධ්‍යාපනය සමාජ ව්‍යාපෘතිය විදේශ ආධාර ලබන ව්‍යාපෘතියක්. 

              (ii)       2,888යි.

 

(ආ)         (i)       14,448

              (ii)

 

කොන්ත්‍රාත් අංක

සැපයුම්කරු

           01

E-W ඉන්ෆොමේෂන් සිස්ටම්ස් සමාගම

           04

E-W ඉන්ෆොමේෂන් සිස්ටම්ස් සමාගම

           08

E-W ඉන්ෆොමේෂන් සිස්ටම්ස් සමාගම

           11

බිස්නස් සොලූෂන්ස් සිස්ටම්ස් (පෞද්) සමාගම

           13

බිස්නස් සොලූෂන්ස් සිස්ටම්ස් (පෞද්) සමාගම

           24

E-W ඉන්ෆොමේෂන් සිස්ටම්ස් සමාගම

           34

තක්රාල් වන් (පෞද්) සමාගම

 

(iii)

 

කොන්ත්‍රාත් අංකය

පරිගණක සංඛ්‍යාව

01

2,477

04

2,500

08

2,441

11

2,454

13

2,465

24

1,117

34

   994

(iv)

 

කොන්ත්‍රාත් අංකය

සැපයුම්කරු

මිල රුපියල් මිලියන

01

E-W ඉන්ෆොමේෂන් සිස්ටම්ස් සමාගම

249

04

E-W ඉන්ෆොමේෂන් සිස්ටම්ස් සමාගම

250

08

E-W ඉන්ෆොමේෂන් සිස්ටම්ස් සමාගම

281

11

බිස්නස් සොලූෂන්ස් සිස්ටම්ස් (පෞද්) සමාගම

286

13

බිස්නස් සොලූෂන්ස් සිස්ටම්ස් (පෞද්) සමාගම

285

24

E-W ඉන්ෆොමේෂන් සිස්ටම්ස් සමාගම

122

34

තක්රාල් වන් (පෞද්) සමාගම

103

(ඇ) (i) අධ්‍යාපන අමාත්‍යාංශය.

(ii) ආසියානු සංවර්ධන බැංකු ප්‍රසම්පාදන ක්‍රමවේදය.

(iii) ඔව්.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2013-12-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks