පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4307/’13
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2012 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව, වාර්ෂික පදනමින් කොපමණද;
(ii) 2011 වර්ෂයේ සිට මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ බවට වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව, වාර්ෂික පදනමින් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) 2009 ජනවාරි මස සිට මේ දක්වා,
(i) හඳුනාගත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගත් පාසල්, විශ්වවිද්‍යාල හා රාජ්‍ය ආයතන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) 2010 ජනවාරි මස සිට මේ දක්වා,
(i) ශ්‍රී ලංකාවේ ඉහළම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ දිස්ත්‍රික්ක තුන කවරේද;
(ii) එම එක් එක් දිස්ත්‍රික්කය තුළ හඳුනාගත් මදුරුවන් බෝවන ස්ථාන සංඛ්‍යාව කොපමණද;
යන්න වාර්ෂික පදනමින් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) (i) 2009 වර්ෂයේ සිට මේ දක්වා ඩෙංගු වසංගතයට පිළියම් යෙදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කරන ලද කමිටු කවරේද;
(ii) එම එක් එක් කමිටුව පත් කළ දිනය කවරේද;
(iii) එම එක් එක් කමිටුවේ බලපැවරුම කවරේද;
යන්නත් එතුමා තවදුරටත් සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-04-24
අසන ලද්දේ
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
(ii)
(ආ) (i)
(ii) ඩෙංගු රෝගය සඳහා කීට විද්‍යා සමීක්ෂණය සිදු කිරීමේදී දිස්ත්‍රික් මට්ටමේ නිලධාරින් තෝරා ගත් ප්‍රදේශ තුළ පරිශ්‍ර 100ක් ආවරණය වන පරිදි සමීක්ෂණ සිදු කරන අතර, වෙන් වෙන් වශයෙන් පරිශ්‍ර වර්ගීකරණය කරමින් තොරතුරු එක් රැස් නොකෙරේ. විශේෂිත හේතු මුල් කරගෙන තෝරාගත් පාසල්, විශ්වවිද්‍යාල හා රාජ්‍ය ආයතනවල සමීක්ෂණ සිදු කරන අවස්ථා ඇති අතර, මෙවැනි සමීක්ෂණ නිතිපතා සිදු නොවන බැවින් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන ලෙස හඳුනාගත් පාසල්, විශ්වවිද්‍යාල හා රාජ්‍ය ආයතන වශයෙන් සම්පූර්ණ තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබා දීම අපහසුය.
(ඇ) (i)
|
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ දිස්ත්‍රික්ක |
||||
|
2010 |
2011 |
2012 |
2013 |
2014 (මාර්තු 31 දක්වා) |
|
කොළඹ |
කොළඹ |
කොළඹ |
කොළඹ |
කොළඹ |
|
ගම්පහ |
ගම්පහ |
ගම්පහ |
ගම්පහ |
ගම්පහ |
|
යාපනය |
මඩකළපුව |
රත්නපුර |
කුරුණෑගල |
කළුතර |
(ii)
|
වර්ෂය |
දිස්ත්‍රික්කය |
පරීක්ෂා කරන ලද ස්ථාන |
සොයා ගත් මදුරුවන් බෝ වන ස්ථාන |
|
2010 |
කොළඹ |
8,700 |
972 |
|
|
ගම්පහ |
6,600 |
1,184 |
|
2011 |
කොළඹ |
8,900 |
918 |
|
|
ගම්පහ |
6,800 |
1,319 |
|
2012 |
කොළඹ |
16,165 |
652 |
|
|
ගම්පහ |
10,710 |
689 |
|
|
රත්නපුර |
12,732 |
1,366 |
|
2013 |
කොළඹ |
6,342 |
352 |
|
|
ගම්පහ |
4,858 |
390 |
|
|
කුරුණෑගල |
9,296 |
286 |
(ඈ) (i) ජනාධිපති කාර්ය සාධක බල කාය.
(ii) 2010 මැයි 25 දින
(iii) ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා අන්තර් පාර්ශ්වීය සහයෝගයෙන් ක්‍රියාකාරකම් සැලසුම් කිරීම. ඒවා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම හා ත්‍රෛමාසික ප්‍රගති වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම.
(ඉ) පැන නොනගී.
පිළිතුරු දුන් දිනය
2014-06-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks