logo

02

E   |     |  

 දිනය: 2014-03-20   පිළිතුර ලබා දී ඇත 

4280/2014: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව : අමාත්‍යවරුන්ට,

4280/’13

 

ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       2005 නොවැම්බර් මස 19 වැනි දින සිට 2013 ජුනි මස 30 වැනි දින දක්වා කාලය තුළ අමාත්‍යවරුන්ට (කැබිනට් සහ කැබිනට් නොවන), නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;

(ii) එම චෝදනා එල්ල වී ඇති අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් කවරේද;

(iii) එම එක් එක් අමාත්‍යවරයාට, නියෝජ්‍ය අමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව ඇති චෝදනා වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ආ) (i) ඉහත පැමිණිලි සම්බන්ධයෙන් එකී කොමිෂන් සභාව මගින් විමර්ශන අවසන් කර ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;

(ii) විමර්ශන අවසන් කොට ඇති පැමිණිලි සම්බන්ධයෙන් ගෙන ඇති ඉදිරි පියවර වෙන් වෙන් වශයෙන්  කවරේද;

(iii) මේ දක්වා විමර්ශන අවසන් කර නොමැති පැමිණිලි සම්බන්ධව කඩිනම්ව සහ විධිමත්ව විමර්ශන කටයුතු සිදු කරන්නේද;

(iv) ඒ සඳහා ‍ගතවේ යැයි අපේක්ෂා කරන කාල සීමාව කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?    

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-20

අසන ලද්දේ

ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 17වන වගන්තිය අනුව කොමිෂන් සභාව වෙත ලැබෙන තොරතුරු කිසිවක් අනාවරණය නොකළ යුතු බැවින් අදාළ තොරතුරු  ඉදිරිපත් කළ නොහැක.

              (ii)      ඉහත (අ) (i) අනුව, අදාළ නොවේ.

             (iii)      ඉහත (අ) (i) අනුව, අදාළ නොවේ.

(ආ)         (i)      ඉහත (අ) (i) අනුව, අදාළ නොවේ.

(ii) ඉහත (අ) (i) අනුව, අදාළ නොවේ.

(iii) ඔව්.

(iv) විමර්ශනයේදී ඉදිරිපත් වන කරුණු අනුව ගතවන කාල සීමාව තීරණය වනු ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks