01

E   |     |  

 දිනය: 2014-03-19   පිළිතුර ලබා දී ඇත 

4277/2014: ජන සභා අධ්‍යක්ෂ ජනරාල් : විස්තර

 4277/13

ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 ()        (i)       ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ජන සභා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත්කර තිබේද;

            (ii)       එසේ නම්, ඔහුගේ නම සහ අධ්‍යාපන සුදුසුකම් කවරේද;

           (iii)       එම පත්වීම සිදුකර ඇති දිනය, එම තනතුරට හිමි මාසික වැටුප, දීමනා සහ වෙනත් වරප්‍රසාද කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

()  (i)  මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන ජන සභා සංඛ්‍යාව කොපමණද;

  (ii)  ජන සභාවක සංයුතිය සැකසී ඇති ආකාරය කවරේද;

  (iii)  එම ජන සභා ක්‍රියාත්මක වන ග්‍රාම නිලධාරී වසම් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-19

අසන ලද්දේ

ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      නැත. එසේ පත් කර නොමැති වුවත්, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සේවය කරන අධ්‍යක්ෂ ජනරාල්වරුන් අතරින් එක් නිලධාරියකුට ප්‍රජා කේන්ද්‍රීය මූලෝපාය සම්බන්ධ රාජකාරි කටයුතු පවරා ඇති අතර, එම අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් පහත තොරතුරු ඉදිරිපත් කරමි.         

(ii) ඩී.එම්. ධම්ම දිසානායක මහතා

අධ්‍යාපන සුදුසුකම් - දේශපාලන විද්‍යාව (ගෞරව උපාධිය) හා දර්ශනපති පශ්චාත් උපාධිය

(iii) මුල් පත්වීම් දිනය  -   2010.05.14

තනතුරට හිමි මාසික වැටුප   -   රු. 42,390.00

දීමනා    - ඉන්ධන හා දුරකථන  දීමනා

වෙනත් වරප්‍රසාද  -   නිල රථය

(ආ) (i) වර්තමානයේ හා අතීතයේ ශ්‍රී ලංකාව තුළ හා වෙනත් රටවල පවතින/පැවති ප්‍රජා මූල සංවිධාන සහ පළාත් පාලන ආයතන හා බැඳුණු සංවිධාන ව්‍යුහයන් පිළිබඳ පර්යේෂණ මට්ටමින් අධ්‍යයන කටයුතු සිදු කරමින් පවතී.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2014-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks