පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4252/’13
ගරු අජිත් පී. පෙරේරා මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අංක 509/7 හා 1988.06.07 දිනැති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාව යටතේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල මත ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගනු ලබන නිලධාරීන් පළමුවැනි කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත්වීමට අවශ්‍ය වන්නේද;
(ii) එසේ නම්, එම සේවා ව්‍යවස්ථාවේ ඒ බව සඳහන් වගන්තිය කවරේද;
(iii) එවැනි වගන්තියක් නොවේ නම්, ඉහත කඩඉම් පරීක්ෂණය සමත් විය යුතු බවට සඳහන් කොන්දේසිය පත්වීම් ලිපිවල ඇතුළත් කිරීම සඳහා එකී සේවා ව්‍යවස්ථාවේ 28 වැනි වගන්තිය යටතේ ගන්නා ලද ක්‍රියාමාර්ග කවරේද;
(iv) සේවා ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් නොවන්නේ නම් හා 28 වැනි වගන්තිය අනුව ක්‍රියාමාර්ග නොගත්තේ නම්, ඉහත පරිදි බඳවා ගත් නිලධාරීන්ගේ පත්වීම් ලිපිවලට (අ)(iii)හි සඳහන් කොන්දේසිය ඇතුළත් කළ පදනම කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් පරිදි අදාළ පත්වීම් ලිපිවල එම සේවා ව්‍යවස්ථාවට අනනුකූල පරිදි කොන්දේසි ඇතුළත් කිරීම නිසා අසීරුවට පත්ව ඇති නිලධාරීන්ට සහනයක් සලසන්නේද;
(ii) එසේ නම්, එම සහන කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-28
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) අදාළ සේවා ව්‍යවස්ථාවේ 22(අ) වන උප වගන්තියෙහි දක්වා ඇති විධිවිධාන අනුව කුසලතා පදනම මත බඳවා ගත් නිලධාරින් පමණක් පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයෙන් නිදහස් කරන බව දන්වා ඇති අතර, සීමිත තරග විභාගයෙන් බඳවා ගන්නා නිලධරයකු පළමු වන කාර්යක්ෂමතා කඩඉමෙන් නිදහස් කරන බවට ප්‍රතිපාදන නොමැත. තවද 1982.12.03 දිනෙන් පසු ශ්‍රී ලංකා පරිපාලන සේවයට සීමිත තරග විභාගයෙන් බඳවා ගත් නිලධාරින්ගේ පත්වීම් ලිපිවල පළමු වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් විය යුතු බවට දන්වා ඇති අතර, නිලධරයකුගේ පත්වීම් ලිපිය එම නිලධාරියාගේ රැකියාවට අදාළ ගිවිසුම වේ. එම පත්වීම්ලිපියේ සඳහන් කොන්දේසිවලට එකඟව එම නිලධාරියා පත්වීම් භාරගන්නා බවට ලිඛිතව දැනුම් දෙයි. ඒ අනුව සීමිත තරග විභාගයෙන් බඳවා ගන්නා නිලධරයෙකුද පත්වීම් ලිපියේ පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය කළ යුතු බවට සඳහන්ව ඇති විට එම නිලධාරියා පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයෙන් එම ලිපියේ සඳහන් කාල සීමාව තුළ සමත්විය යුතු වේ .
(iii) ඉහත (අ) ii අනුව 28 වගන්තියට අදාළව ක්‍රියා මාර්ගයක් ගැනීම අවශ්‍ය නොවේ.
(iv) ඉහත (අ) ii හා iii අනුව පැන නොනඟී.
(ආ) (i) ඉහත (අ) ii හා iii අනුව පැන නොනඟී.
(ii) ඉහත (ආ) i අනුව පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-02-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks