පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0057/10
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) දැනට වසරක කාලයකට පෙර කොන්ක්‍රීට් අතුරා සකසන ලද හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පරාක්‍රමපුර ග්‍රාම නිලධාරී වසමේ, කු.ග. 03 ඇල්ලගල පිවිසුම මාර්ගයේ මීටර් 200 මේ වන විට කොන්ක්‍රීට් ගැලවී, ඉරිතැලී, අබලන් වී ඇති බැව් එතුමා දන්නෙහිද?
(ආ) (i) එම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන කොපමණද;
(ii) ඉදිකිරීම් සඳහා මුදල් නිදහස් කිරීමේදී ප්‍රමිතීන්ට අනුව වැඩ නිම කළ බවට කාර්මික නිලධාරීන්ගේ නිර්දේශ ලබාගෙන තිබේද;
(iii) එම මාර්ගය ඉදිකිරීම සඳහා ගෙවීම් කටයුතු වලදී වෙනත් කුමන ආයතනවලින් නිර්දේශ ලබාගෙන තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) එම මාර්ගය ඉදිකිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවත්වීමටත්, එම මාර්ගය යථා තත්වයට පත් කිරීමටත් එතුමා කටයුතු කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-06-08
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks