පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4159/’13
ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2013 වර්ෂය සඳහා මහපොළ ශිෂ්‍යත්ව අරමුදලින් ප්‍රතිලාභ ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු සඳහා ලබා දෙන මහපොළ ශිෂ්‍යත්ව මාසික වාරිකයේ වටිනාකම කොපමණද;
(iii) වර්ෂ හයකට වැඩි කාලයක් තුළ ඉහළ දමා නොමැති වත්මන් ශිෂ්‍යත්ව මාසික වාරික මුදල පවතින භාණ්ඩ හා සේවා මිල ගණන්වලට සාපේක්ෂව විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පිළිගන්නේද;
(iv) එසේ නම්, වර්තමාන භාණ්ඩ හා සේවා මිල ගණන් සහ ශිෂ්‍යත්ව වාරිකය ඉහළ නොදැමූ කාලය යන කරුණු සැලකිල්ලට ගෙන එම දීමනාව අවම වශයෙන් රුපියල් පන්දහසක් (රු. 5000/=) දක්වා වැඩි කිරීමට අවධානය යොමු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-12-18
අසන ලද්දේ
ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 11,300කි.
(ii) මහපොළ කුසලතා ශිෂ්‍යත්වයෙහි මාසික වාරිකයේ වටිනාකම රුපියල් 2,550ක් වන අතර, සාමාන්‍ය ශිෂ්‍යත්වයෙහි මාසික වාරික වටිනාකම රුපියල් 2,500කි.
(iii) අදාළ නොවේ.
(iv) මහපොළ ශිෂ්‍යත්ව අරමුදලෙහි ආදායම අනුව ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.
වාරික මුදල වැඩි කිරීම වෙනුවට වාර්ෂිකව ශිෂ්‍යත්ව සංඛ්‍යාව වැඩි කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-12-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks