04

E   |     |  

 දිනය: 2014-03-06   පිළිතුර ලබා දී ඇත 

4154/2014: අතිරික්ත ‍නිල ඇඳුම් රෙදි ප්‍රමාණයක් මිල දී ගැනීම : පාඩුව

4154/’13

 

ගරු අනුර දිසානායක මහතා,— අධ්‍යාපන සේවා  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

  (අ)        (i)      2011 නොවැම්බර්  02 දිනැති  අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ 2012 වර්ෂයේ බෙදාහැරීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් මිල දී ගැනීමට අනුමතිය ලැබුණු පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය කොපමණද;

  (ii)  2012 වර්ෂයේ පාසල් නිල ඇඳුම් සඳහා එම ආයතනය විසින් මිල දී ගනු ලැබූ රෙදි ප්‍රමාණය කොපමණද;

  (iii)  අමාත්‍ය මණ්ඩල  අනුමතිය ඉක්මවා අතිරික්ත ‍නිල ඇඳුම් රෙදි ප්‍රමාණයක්    මිල දී ගනු ලැබීමට හේතු කවරේද;

  (iv)  එම මිල දී ගැනීම නිසා රජයට සිදු වූ පාඩුව කොපමණද;

  (v)  ඒ සඳහා වගකිව යුතු අය කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-06

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මීටර් 7,960,000.00 (මීටර් හැත්තෑනවලක්ෂ හැටදහසක්)

 

 වර්ගය

 රෙදි මීටර්

සුදු කමිස/ ගවුම්

    5,810,000.00

සුදු කලිසම්

       980,000.00

නිල් කලිසම්

770,000.00

සිවුරු

400,000.00

එකතුව

7,960,000.00

 

              (ii)      සිවුරු රෙදි මීටර් 4000,000.00 (හාරලක්ෂය) හැර ඉතිරි රෙදි මීටර් 7,560,000.00 (මීටර් හැත්තෑපන්ලක්ෂ හැටදහස) මිල දී ගෙන ඇත.

(iii) මිල දී ගෙන නැත.

(iv) අදාළ නොවේ.

(v) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-05-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දුමින්ද දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks