පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4153/’13
ගරු අනුර දිසානායක මහතා,— අධ්‍යාපන සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2012 වර්ෂයේ දී පාසල් නිල ඇඳුම් සඳහා චීනයෙන් ආනයනය කරනු ලැබූ රෙදි ප්‍රමාණය කොපමණද;
(ii) ඒ සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(iii) එම රෙදි ආනයනය කරනු ලැබූ සමාගම කවරේද;
(iv) එම සමාගම හරහා ඉහත නිල ඇඳුම් රෙදි ආනයනය කිරීමේ පදනම කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 2012 වර්ෂය සඳහා නිල ඇඳුම් සැපයීම සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද සමාගම් හා මිල ගණන් කවරේද;
(ii) ඉහත සමාගම් අතරින් තෝරා ගනු ලැබුවේ අඩුම ලංසුව ඉදිරිපත් කරන ලද සමාගමද;
(iii) නොඑසේ නම්, එයට හේතු කවරේද;
(iv) අඩුම ලංසුව ඉදිරිපත් කළ සමාගම විසින් ඉදිරිපත් කළ රෙදිවල තිබූ අඩු පාඩු කවරේද;
(v) තෝරාගත් සමාගම ඉදිරිපත් කළ නිල ඇඳුම් රෙදිවලද ඉහත අඩු පාඩු මෙන්ම තවත් අඩු පාඩුද තිබූ බව පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-03-06
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2013 වර්ෂයේදී පාසල් නිල ඇඳුම් සඳහා 2012 වර්ෂයේදී මීටර් 5,605,000ක් (මීටර් පනස්හය ලක්ෂ පන්දහසක්) ආනයනය කර ඇත.
(ii) රු. 812,807,784.75කි. (රුපියල් අටසිය දොළොස් මිලියන අටසිය හත්දහස් හත්සිය අසූහතරයි ශත හැත්තෑ පහකි.) - (රෙදිපිළි සඳහා වියදම, බැංකු ගාස්තු, නාවික ප්‍රවාහන ගාස්තු, වරාය ගාස්තු, රේගු ගාස්තු හා සේවා ගාස්තු ඇතුළත්ය)
(iii) සීමාසහිත ෂැයක්ෂින් සියැන්ගි රෙදිපිළි හා පැෂන් සමාගම (Shaoxing Xiangyue Textile and Fashion Company Limited)
(iv) ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් කැඳවීමේ පදනම මත අමාත්‍ය මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටු තීරණය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
(ආ) (i) 2011 වර්ෂයේදී 2012 වර්ෂය සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද සමාගම් හා මිල ගණන්
|
සමාගම (ඉහත සඳහන් පරිදි) |
කමීස හා ගවුම් රෙදි (සුදු) මීටරයක මිල ඇ.ඩො. |
කලිසම් රෙදි (සුදු) මීටරයක මිල ඇ.ඩො. |
කලිසම් රෙදි (නිල්) මීටරයක මිල ඇ.ඩො. |
|
1. සීමාසහිත හේබෙයි හැන්ෆැන් ප්‍රින්ටින් හා ඩයින් සමාගම |
0.95 |
|
|
|
2. පී.ටී. සේකර් බෙගාවාන් |
1.07 |
1.74 |
1.87 |
|
3. ට්‍රිනිටි ඉන්ටර්නැෂනල් |
0.80 |
1.80 |
1.90 |
|
4. සීමාසහිත ෂැයක්ෂින් සියැන්ගි රෙදිපිළි හා පැෂන් සමාගම |
1.05 |
1.52 |
1.62 |
|
5. සීමාසහිත ෂැයක්ෂින් සියැන්ගිජියා රෙදිපිළි සමාගම |
0.92 |
1.55 |
1.65 |
|
6. සීමාසහිත ෂියැමන් පොයින්ටර් රෙදිපිළි සමාගම |
0.98 |
1.40 |
1.60 |
|
7. සීමාසහිත බිස්මිලා රෙදිපිළි සමාගම |
1.39 |
1.85 |
2.31 |
(ii) නැත.
(iii) සාරානුකූල ප්‍රතිචාර දැක්වූ ලංසුකරුවන් අතරින් ඇගයීමෙන් අවම මිල ගණන් ඉදිරිපත් කළ ලංසුකරු තෝරා ගෙන ඇත. (Lowest evaluated substantial responsive bidder)
(iv) අඩුම ලංසු ඉදිරිපත් කළ සමාගම නියමිත පිරිවිතරවලට අනුකූල නොවන බවත්, පහත අඩුපාඩු පැවති බවත් තාක්ෂණික කමිටුව විසින් දක්වා ඇත.
කමිස රෙදි/ ගවුම් රෙදි (සුදු)
ඉතා තීරණාත්මක පරාමිතියක් වන කෙඳි සංයුතිය පිරිවිතරවල දක්වා ඇති සංයුතියට වඩා විශාල ප්‍රමාණයකින් වෙනස් වන නිසා මේ පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බැවින් අඩුම ලංසුව ඉදිරිපත් කළ ට්‍රිනිටි ඉන්ටර්නැෂනල් සමාගම (ඇමෙරිකානු ඩොලර් 0.80) ප්‍රතික්ෂේප කර ඇත.
කලිසම් රෙදි (සුදු)
පිරිමැදීම නිසා ඇති වන පුළුන් පිපීමට දක්වන ප්‍රතිරෝධිතාව ඉතා අඩු වීම. අඟලක ඇති හරස් නූල් ප්‍රමාණය අඩු වීම සහ අව්වට ඔරොත්තු දීමේ හැකියාව මත සෑහීමකට පත් විය නොහැකි නිසා අවම මිල ඉදිරිපත් කළ සීමාසහිත ෂියැමන් පොයින්ටර් රෙදිපිළි සමාගම (ඇමෙරිකානු ඩොලර් 1.40) ප්‍රතික්ෂේප කර ඇත.
කලිසම් රෙදි (නිල්)
ඉතා තීරණාත්මක පරාමිතියක් වන කෙඳි සංයුතිය පිරිවිතරවල දක්වා ඇති සංයුතියට වඩා විශාල ප්‍රමාණයකින් වෙනස් වන නිසා සහ වර්ග මීටරයකට ග්‍රෑම් ප්‍රමාණය පිරිවිතර අගයට වඩා අඩු නිසා මේ පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බැවින් අවම මිල ඉදිරිපත් කළ ෂියැමන් පොයින්ටර් රෙදිපිළි සමාගම (ඇමෙරිකානු ඩොලර් 1.60) ප්‍රතික්ෂේප කර ඇත.
සිවුරු රෙදි
ඉතා තීරණාත්මක පරාමිතියක් වන කෙඳි සංයුතිය පිරිවිතරවල දක්වා ඇති සංයුතියට වඩා විශාල ප්‍රමාණයකින් වෙනස් වන නිසා මේ පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බැවින් අවම මිල ඉදිරිපත් කළ සීමාසහිත ෂැයක්ෂින් සියැන්ග්ජියා රෙදිපිළි සමාගම (ඇමෙරිකානු ඩොලර් 1.28) ප්‍රතික්ෂේප කර ඇත.
(v) නැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-04-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දුමින්ද දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks