01

E   |     |  

 දිනය: 2014-01-22   පිළිතුර ලබා දී ඇත 

4128/2014: Colombo National Museum-Breakdown o�f Sඒircas

4128/’13

 

ගරු අනෝමා ගමගේ මහත්මිය,— ජාතික උරුමයන් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      2013 මාර්තු මස 26 වැනි දින වැලිමඩ, අඹගස්දෝව ශ්‍රී සුමනජෝති විද්‍යාලයේ දරුවන් කොළඹ ජාතික කෞතුකාගාරය නැරඹීමට පැමිණි බවත්;

            (ii)      කෞතුකාගාරයේ පඩිපෙළ කඩා වැටීම නිසා ඔවුන් අනතුරකට මුහුණදුන් බවත්;

  (iii)  එම අනතුර නිසා පාසැල් දරුවන් සහ ගුරුවරුන් තුවාල ලැබූ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  ඉහත අනතුරින් තුවාල ලැබූ සිසුන්, ගුරුවරුන් හා වැඩිහිටියන් සංඛ්‍යාව‍ වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii)  අනතුරට පත්වූ එම දරු දැරියන් හා ගුරුවරුන්ගේ වත්මන් තත්ත්වය කවරේද;

  (iii)  අනතුරට පත් එම දරු දැරියන් වෙනුවෙන් රජය ගනු ලැබූ ක්‍රියාමාර්ගය කවරේද;

  (iv)  අනතුරට පත්වූ මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සිදු වූ බාධා පිළිබඳව නිසි විමසීමක් කර එම බාධාවලට පිළියම් යොදා තිබේද;

  (v)  ගොවිතැන ජීවිකාව කරගත් ඉහත අනතුරට පත්වූවන් අයත් පවුල්වලට එම අනතුර නිසා ඇති වූ අපහසුතා මඟහැරවීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇති ආකාරය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-01-22

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ජාතික උරුමයන්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

              (ii)       ඔව්.

             (iii)       ඔව්.

(ආ)         (i)       සිසුන්                -18

                         ගුරුවරුන්         - 01

                          වැඩිහිටියන්         - තුවාල ලබා නැත.

              (ii)         සිසුන්  පහළොස් දෙනෙකු සම්පූර්ණ සුවය ලබා ඇත.  සිසුන්  තිදෙනෙකු සම්පූර්ණ වශයෙන් සුවය ලබමින් සිටින අතර, දැනට සුළු වශයෙන් දේශීය වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගනී. සිසුන් සියලු දෙනාම  සාමාන්‍ය පරිදි දෛනික කටයුතුවල නිරත වෙති. ගුරුවරිය තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

      (iii)     ඇමුණුම් අංක 01හි  සඳහන් වන ආකාරයට  ජාතික  කෞතුකාගාර  දෙපාර්තමේන්තුවෙන් මුදල්  ප්‍රදානයන් සිදු කර ඇත. 

     ඉහත  සඳහන් මුදල් ප්‍රදානයන්ට අමතරව, විශේෂ ප්‍රතිකාර ලැබූ 09 දෙනෙකු සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගේ අරමුදලින් එක් අයෙකුට රුපියල් 15,000.00  බැගින් ඇමුණුම් 02 හි සඳහන් පරිදි ප්‍රදානයන් කර තිබේ. 

          ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය විසින් පාසල් පුස්තකාලයට පුස්තකාල පොත් ලබා දී තිබේ.

          (iv)   පාසල්  යාමට නොහැකි වූ දිනවලට  අදාළ සටහන්  පොත් අදාළ  සිසුන් වෙත ඌව පළාත් ප්‍රධාන අධ්‍යාපන කාර්යාලය මගින් ලබා දී තිබේ.

          (v)   ඉහත අංක (iii) හි  පිළිතුර අදාළ වේ.

ඇමුණුම් සභාගත* කරමි. 

(ඇ) අදාළ නොවේ.

*සභාමේසය මත තබන ලද ඇමුණුම්:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annexs tabled:

 

 

 

ශිෂ්‍ය/ශිෂ්‍යාවගේ නම

 වන්දි මුදල

  නිල ඇඳුම්

 පාසල් පාවහන්

  1

ඩබ්ලිව්.ඩී. රේණුකා දමයන්ති

රු. 4000.00

කට්ටල 01

  යුගල 01

  2

ඊ.කේ.නාලිකා  ප්‍රියදර්ශනී

රු. 4000.00

කට්ටල 01

  යුගල 01

  3

ඩබ්ලිව්.එම්.බුද්ධික චතුර ප්‍රියදර්ශන

රු. 4000.00

කට්ටල 01

  යුගල 01

  4

එස්.එම්.එන්.හසිනිකා තිලකරත්න

රු. 4000.00

කට්ටල 01

  යුගල 01

  5

ඊ.ඩී.දමයන්ති

රු. 4000.00

කට්ටල 01

  යුගල 01

  6

එල්.කේ.එස්. සචිනි දීපමාලි

රු. 4000.00

කට්ටල 01

  යුගල 01

  7

එස්.එච්.ශානිකා නිර්මාලි

රු.12,000.00

කට්ටල 01

  යුගල 01

  8

ජේ.එම්.ජයසිරි බණ්ඩාර

රු.16,000.00

කට්ටල 01

  යුගල 01

  9

ඩබ්.එම්.නිමේෂි ප්‍රියලක්ෂිකා

  රු 8000.00

කට්ටල 01

  යුගල 01

 10

පී.කේ.සඳුනි අප්සරා

රු. 4000.00

කට්ටල 01

  යුගල 01

 11

ආර්.ඩී.නවාංජන ලක්ෂාන්

රු. 4000.00

කට්ටල 01

  යුගල 01

 12

එස්.එම්. ධම්මික බණ්ඩාර

රු.12,000.00

කට්ටල 01

  යුගල 01

 13

බී.ජී.උදාරි  වමෝදනි

රු. 4000.00

කට්ටල 01

  යුගල 01

 14

වයි.එම්.සවිනි සෙව්වන්දි

රු.12,000.00

කට්ටල 01

  යුගල 01

 15

කෞෂල්‍යා  කාවින්දි

රු.8000.00

කට්ටල 01

  යුගල 01

 16

එස්.එම්. දිනුක මධුමාල්

  රු. 4000.00

කට්ටල 01

  යුගල 01

 17

ටී.ජී.නිරංජලා ප්‍රියදර්ශනී

 රු.16,000.00

කට්ටල 01

  යුගල 01

 18

ඩබ්.එම්.නදුමාල් බණ්ඩාර

රු. 4000.00

 කට්ටල 01

  යුගල 01

 

ඇමුණුම් අංක 02

 

රුපිල් 15,000.00  බැගින් ප්‍රදානය කරන ලද සිසුන්ගේ නාම ලේඛනය

01.       ජේ.එම්.ජයසිරි  බණ්ඩාර

02.       වයි.එම්.සවිනි සෙව්වන්දි

03.       ඉමේෂි   ප්‍රියලක්ෂිකා වීරසුන්දර

04.       පී.කේ.සඳුනි අප්සරා  පියතිස්ස

05.       එම්.ඩී. ශාලිකා නිර්මලි

06.       නවාංජන ලක්ෂාන්

07.       ටී.ජී.නිරංජලා ප්‍රියදර්ශනී

08.       බී.ජී.උදාරි වමෝදනි

09.       එස්.එම්.ධම්මික බණ්ඩාර

 

 

පිළිතුරු දුන් දිනය

2014-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ජගත් බාලසූරිය මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks