01

E   |     |  

 දිනය: 2014-03-07   පිළිතුර ලබා දී ඇත 

4107/2014: රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරින්: උසස්වීම් පටිපාටිය

4107/’13

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      උපාධිධාරීන් රාජ්‍ය සේවයට  බඳවා ගැනීම යටතේ පත්වීම් ලැබූ  උපාධිධාරීන්ගේ වැටුප් කාණ්ඩයන් සැකසී ඇති ආකාරය කවරේද;

            (ii)      තනතුරු නාම 260 මත රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ගේ උසස්වීම් පටිපාටිය පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා දෙන්නේද;

   (iii)  අලුතින් බඳවා ගත් උපාධිධාරීන්ට ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීමේ  සීමිත තරඟ විභාගයට ඉල්ලුම් කිරීමේ අවස්ථාව ලබා දෙන්නේද;

  (iv)  උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී  සලකා බලනු ලබන උපරිම  වයස් සීමාව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-07

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

*  සභාමේසය මත තබන ලද පිළිතුර:

 * சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

*  Answer tabled:

 

(අ)          (i)         වැටුප් කේත අංකය - MN 4 - 2006 (ඒ)

                        වැටුප් පරිමාණය - රුපියල් 15,215-10X215-4 X 240-7 X 320-15X 360- රුපියල් 25,965 ශ්‍රේණි ක්‍රමයට අදාළ ආරම්භක වැටුප් පියවර

 

ශ්‍රේණිය

ආරම්භක වැටුප් පියවර

වැටුප් තලය (රුපියල්)

III

01

15,215

II

12

17,605

I

23

20,925

(ii)  සංවර්ධන නිලධාරි සේවයේ උසස් වීම සඳහා විධිවිධාන සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාවේ 12 වන පරිච්ඡේදය පරිදි වේ. සංවර්ධන නිලධාරි සේවයේ උසස්වීම් පහත සඳහන් පරිදි සැකසී ඇත.

පත්වීම් ස්ථීර කරන ලද III ශ්‍රේණියේ අවම වශයෙන් වසර 10ක සක්‍රීය සේවා කාලයක් හා වැටුප් වර්ධක 10ක් උපයා ගන්නා සහ උසස් වීමේ දිනට පූර්වාසන්නතම වසර 05 තුළ සතු‍ටුදායක සේවා කාලයක් සම්පූර්ණ නිලධාරින් II ශ්‍රේණියටද,

II ශ්‍රේණියේ අවම වශයෙන් වසර 10ක සක්‍රීය සේවා කාලයක්  සම්පූර්ණ කර තිබීම, වැටුප් වර්ධක 10ක් උපයාගෙන තිබීම සහ උසස් වීමේ දිනට පූර්වාසන්නතම වස‍ර 05 තුළ සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ නිලධාරින් මත II වන ශ්‍රේණියෙන් I වන ශ්‍රේණියටද උසස් කරනු ලැබේ.

මෙම උසස්වීම් ලබා දීම නිශ්චිත රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබා ගැනීම සහ නිශ්චිත දිනට කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීමට යටත්ව ක්‍රියාත්මක වේ.

(iii) අංක 1842/2 දරන හා 2013.12.23 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් පළ කරන ලද ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථා සංග්‍රහය මඟින් MN-02  වැටුප් තලය හෝ ඊට ඉහළ වැටුප් තල දරන නිලධාරින් සීමිත ධාරාව යටතේ ශ්‍රී ලංකා පරිපාලන සේවා III පන්තියේ තනතුරුවලට පත් කිරීම සඳහා වන තරග විභාගයට පෙනී සිටීමට අවස්ථාව සපයා ඇත.

(iv) උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී එක් එක් සේවා ව්‍යවස්ථාවල සඳහන් වයස් සීමාව සලකා බලනු ලැබේ.

උදා:      -    ශ්‍රී ලංකා පරිපාලන සේවය - උපරිම වයස් සීමාව   28කි.

සංවර්ධන නිලධාරි සේවය - උපරිම වයස් සීමාව 35කි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks