පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4093/’13
ගරු අනුර දිසානායක මහතා,— පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවාව සඳහා ගාස්තු ගණනය කර ඇති පදනම කවරේද;
(ii) අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවය සඳහා ලබා දී ඇති ප්‍රමිතීන් කවරේද;
(iii) එම ප්‍රමිතීන්ට අනුකූල නොවන බස් රථ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග කවරේද;
(iv) පසුගිය වර්ෂ 3 ක කාලය ඇතුළත එවැනි ක්‍රියා මාර්ග ගනු ලැබූ බස් රථ සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) අර්ධ සුඛෝපභෝගී බස් රථවලට සමාන වෙනත් බස් රථ සාමාන්‍ය ගාස්තු යටතේ ධාවනයේ යෙදෙන බව දන්නේද;
(ii) අර්ධ සුඛෝපභෝගී බස් රථ හරහා මගී ජනතාවගෙන් අමතර මුදලක් අයකිරීම සිදුවන්නේද;
(iii) අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව නතරකර දැමීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයට සමගාමීව ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද;
(iv) ඒවායේ ප්‍රතිඵල කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-03-04
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
පුද්ගලික ප්‍රවාහන සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවාව සඳහා ගාස්තු ගණනය කර ඇති පදනම ඇමුණුම අංක 01හි දක්වා ඇත.
(ii) අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවය සඳහා ලබා දී ඇති ප්‍රමිතීන් ඇමුණුම අංක 02හි දක්වා ඇත.
(iii) එම ප්‍රමිතීන්ට අනුකූල නොවන බස් රථ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග ඇමුණුම අංක 03හි දක්වා ඇත.
ආසන වෙන් කළ බස් රථ සේවාව (අර්ධ සුඛෝපභෝගී සේවාව) ප්‍රමිතින්ට අනුකූල නොවීම සම්බන්ධයෙන් අය කරන ලද පරිපාලන ගාස්තු අමුණා ඇති ලේඛනයේ අදාළ අධ්‍යක්ෂ මණ්ඩලීය අනුමැතිය සමඟ ඉදිරිපත් කර ඇත.
(iv) පසු ගිය අවුරුදු 03ක කාලය ඇතුළත එවැනි ක්‍රියා මාර්ග ගනු ලැබූ බස් රථ සංඛ්‍යාව ඇමුණුම අංක 04හි දක්වා ඇත.
(ආ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) අර්ධ සුඛෝපභෝගී සේවාව නතර කිරීම සම්බන්ධයෙන් අර්ධ සුඛෝපභෝගී බස් රථ හිමියන්ගෙන් මතු වූ විරෝධතා හේතුවෙන් ඒ පිළිබඳව සියලු අර්ධ සුඛෝපභෝගී බස් රථ හිමියන් නියෝජනය වන පරිදි සී/ස මඟී ප්‍රවාහන සමාගම් සහ බස් රථ සංගම් සමඟ සාකච්ඡා කරන ලදි. එහිදී ඔවුන්ගේ ඉල්ලීම වූයේ දැනට පවතින පරිපාලන ගාස්තු අය කිරීමේ ක්‍රමය සංශෝධනය කර (වැඩි කර) හෝ අර්ධ සුඛෝපභෝගී සේවය තවදුරටත් පවත්වාගෙන යෑමට අවස්ථාව ලබා දෙන ලෙසයි. පරිපාලන ගාස්තු වැඩි වූ ආකාරය ඇමුණුම් අංක 03 හි දක්වා ඇත. ඇමුණුම් සභාගත* කරමි.
(iv) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-03-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks