01

E   |     |  

 දිනය: 2014-03-04   පිළිතුර ලබා දී ඇත 

4092/2014: වෘත්තීය පුහුණු අධිකාරිය : වැඩ මුළු

4092/’13

 

ගරු අනුර දිසානායක මහතා,— යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

  (අ)        (i)      ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් ඒ යටතේ පුහුණු වන සිසුන් වෙනුවෙන් 2013 වර්ෂයේදී කොළඹ දී පවත්වන ලද වැඩමුළු සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම වැඩමුළු පවත්වන ලද දිනයන් හා එක් එක් වැඩමුළුව සඳහා සහභාගී වූ සිසුන් සංඛ්‍යාව කවරේද;

  (iii)  එම වැඩමුළුවල පරමාර්ථ කවරේද;

  (iv)  එම වැඩමුළුවලට සහභාගී වූ දේශකයින් කවුරුන්ද:

  (v)  එම එක් එක් වැඩමුළුව වෙනුවෙන් ප්‍රවාහන, ආහාර, දේශන ගාස්තු ඇතුලුව සිදුකළ සමස්ත වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-04

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      කොළඹ දිස්ත්‍රික්ක කාර්යාලය මගින් සිදු කළ වැඩ මුළු සංඛ්‍යාව    -                81

                        වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සිදු කළ වැඩ මුළු සංඛ්‍යාව          -    50

                        රත්මලාන ජාතික වෘ.පු. ආයතනය සිදු කළ වැඩ මුළු සංඛ්‍යාව    -    06

                        නාරාහේන්පිට ජාතික වෘ.පු. ආයතනය සිදු කළ වැඩ මුළු සංඛ්‍යාව    -                09

                        මුළු වැඩ මුළු සංඛ්‍යාව -    146

              (ii)      2013 වර්ෂය පුරා දින 111ක් තුළ පැවති වැඩ මුළු 146ක් වෙනුවෙන් සිසුන් 7,501ක සංඛ්‍යාවක් සහභාගි වී ඇත. එම සංඛ්‍යාව පිළිබඳ සාරාංශය ඇමුණුමෙහි* සටහන් කර ඇත.  

(iii) වැඩ මුළු පවත්වා ඇත්තේ එක් පරමාර්ථයක් සඳහා නොව විවිධ පරමාර්ථ, අරමුණු සඳහාය. ඒ අනුව වැඩසටහන් 146ක් පැවති අතර, එම එක් එක් වැඩ මුළුවෙහි පරමාර්ථවල සාරාංශයක් ඇමුණුමෙහි සඳහන් කර ඇත.

(iv) සහභාගි වූ දේශකයින් පිළිබඳ තොරතුරු පහත සඳහන් කර ඇත.

විස්තර ඇමුණුමෙහි *සටහන් කර ඇත.

අනු අංකය

ආයතන

දේශකයින් සංඛ්‍යාව

01

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය

02

02

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය

29

03

ජාතික තරුණ සේවා සභාව

08

04

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

09

05

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

02

06

කම්කරු දෙපාර්තමේන්තුව

05

07

ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව

03

08

ඵලදායී ප්‍රවර්ධන අමාත්‍යාංශය

04

09

ජාතික ඉතිරි කිරීමේ බැංකුව

01

10

මහජන බැංකුව

05

11

ශ්‍රී ලංකා පොලීසිය (ගොතටුව/මහරගම/රාජගිරිය)

05

12

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව

07

13

මහරගම සෞඛ්‍ය කාර්යාලය

02

14

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

02

15

ජාතික දියවැඩියා මධ්‍යස්ථානය

02

16

මහජන සෞඛ්‍ය පරීක්ෂක (හෝමාගම/දෙහිවල/කැස්බෑව)

03

17

අන්තරායක ඖෂධ ජාතික පාලක මණ්ඩලය

02

18

සණස බැංකුව - හොන්නන්තර

01

19

තෘතීයික අධ්‍යාපන කොමිෂන් සභාව

01

20

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් (කඩුවෙල, කැස්බෑව, පාදුක්ක, මහරගම)

08

21

අපරාධ  මත් ද්‍රව්‍ය ඒකකය

01

22

බන්ධනාගාර දෙපාර්තමේන්තුව

01

23

රතු කුරුස සමාජය - කොළඹ

03

24

පුද්ගලික ආයතන (නේචර්ස් බියුටික්‍රියේෂන්ස්, සූවිස් ටෙක්, ලංකා ටයිල්ස්, ෆීනික්ස් ඉන්ඩ්‍රස්ටීස්, සිග්මා ලයිප් ස්ටයිල් වැනි ආයතන)

43

 

එකතුව

149

(v) එක් එක් වැඩ මුළු වෙනුවෙන් වැය වූ වියදම ඇමුණුමෙහි දක්වා ඇත. ඒ අනුව සමස්ත වියදම පහත පරිදි වෙන් වේ.

1.     ප්‍රවාහන වියදම             රු.       33.532.00

2.     ආහාර වියදම               රු.     200,298.50

3.     දේශන ගාස්තු               රු.      84,200.00

4.     පුහුණු ද්‍රව්‍ය හා ලිපි ද්‍රව්‍ය      රු.     101,614.00

        එකතුව                      රු.      419,644.50

                        ඔව්.

(ආ)      පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2014-06-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks