logo

02

E   |     |  

 දිනය: 2014-10-23   පිළිතුර ලබා දී ඇත 

4091/2014: සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියා විරහිත කිරීම: අලාභය

4091/’13

ගරු අනුර දිසානායක මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

  (අ)       (i)       2013 වර්ෂය තුළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියා විරහිතව තිබූ දින තිබුනේද;

            (ii)       එසේ ක්‍රියා විරහිත කිරීමට හේතු වූ කරුණු කවරේද;

           (iii)       බොර තෙල් නියමිත පරිදි සපයා ගැනීමට නොහැකි වීමෙන් පිරිපහදුව වසා දමා තිබුනේද;

  (iv)  එම දිනයන්  කවරේද;

  (v)  බොර තෙල් නොමැතිකමින් පිරිපහදුව වසා දැමීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වූ අලාභය දළ වශයෙන් කොපමණද;

  (vi)  බොර තෙල් හිඟවීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වා තිබේද;

  (vii)  එසේ නම්, එම පරීක්ෂණයෙන් වරදකරුවන් වූවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-10-23

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      බොර තෙල් සපයා ගැනීමට නොහැකිවීම.

             (iii)      ඔව්, දෙවරක්.

             (iv)      2013 මැයි 15 සිට 30 දක්වා.

                         2013 නොවැම්බර් 08 සිට 14 දක්වා.

              (v)      රුපියල් මිලියන 40ක් පමණ.

                         පිරිපහදුව දෙවරක් නතර කිරීම හා නැවත රත් කිරීමට සිදුවීම නිසා මෙම මුදල වියදම් විය.

             (vi)      නැත.

ඉරානයෙන් ගෙන්වන බොර තෙල් පමණක් මෙම පිරිපහදුවට යොදා ගැනේ. වෙනත් රටක නිෂ්පාදිත බොර තෙල් ඊට යොදා ගත නොහැක. ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා ඇති නිසා රජය ඉරානයෙන් බොර තෙල් ආනයනය නතර කරන ලදී.

(vii) පැන නොනඟී.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-02-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාලිත රන්ගේ බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks