පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4088/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— තැපැල් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල ජාලගත කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව දන්නේද;
(ii) ඒ සඳහා ගිවිසුම ඇති කර ගන්නා ලද ආයතනයේ නම කවරේද;
(iii) එම ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරනු ලැබුවේද;
(iv) අදාළ ගිවිසුමෙහි පිටපතක් මෙම සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේද;
(v) එම ගිවිසුම අත්සන් කරන ලද දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) තැපැල් කාර්යාල ජාලගත කිරීමේ ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;
(ii) එම ව්‍යාපෘතියේ කාල සීමාව කොපමණද;
(iii) ජාලගත කරන ලද තැපැල් කාර්යාල සංඛ්‍යාව අදියරෙන් අදියර, වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-09-25
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කළ අංශ තුනක් වන,
* නිලධාරින්ට පරිගණක පුහුණුව ලබා දීම,
* උපදේශකත්වය ලබා දීම සමඟ මෘදුකාංග 16ක් සංවර්ධනය කර දීම,
* විද්‍යුත් මුදල් ඇණවුම් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම
වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් තුනක් මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සමඟ අත්සන් කර ඇත.
(iii) තැපැල් කාර්යාලවල පාඩු අවම කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් පත් කර ඇති මෙහෙයුම් කමිටුව විසින් අධ්‍යයනය කර, තැපැල් කාර්යාල ජාලගත කිරීම සඳහා තීරණය කර ඇති අතර, ඒ අනුව ඉහත සඳහන් අවබෝධතා ගිවිසුම්වලට එළඹ ඇත. මෘදුකාංග සංවර්ධනය කිරීම සඳහා සකස් කළ අවබෝධතා ගිවිසුමේ ඒ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් කිරීමද ඇතුළත් කර ඇති අතර එය ඉටු කර ඇත.
(iv) ඔව්. යා කර ඇත. ඇමුණුම සභාගත* කරමි.
(v) 2008.12.29, 2008.11.14 සහ 2008.12.31 යන දිනයන්හි වේ.
(ආ) (i) රුපියල් මිලියන 648.81
(ii) 2011.09.14 දින සිට 2014.12.31 දින දක්වා
(iii) ජාලගත කිරීම දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 652හි එකවර ක්‍රියාත්මක කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-03-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks