පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4074/’13
ගරු අනෝමා ගමගේ මහත්මිය,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2012 හා 2013 වර්ෂවල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලදී සිදු වී ඇති අනතුරු සංඛ්‍යාව කොපමණද;
(ii) එම අනතුරු හේතු කොට ගෙන ආබාධිත වූ සංඛ්‍යාව කොපමණද;
(iii) එවැනි අනතුරු සිදුවීම අවම කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) මේ වන විට හඳුනාගෙන ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග පවතින ස්ථාන කවරේද;
(ii) ඒ ඒ ස්ථානවල අනතුරු අවම කිරීම සඳහා යෙදීමට බලාපොරොත්තු වන ආරක්ෂක වැඩපිළිවෙළ වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) මෙම ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා වැය වන මුදල ඇස්තමේන්තු කර තිබේද;
(iv) එසේ නම්, එම මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) පසුගිය වර්ෂ දෙක තුළ සවිකර ඇති නව දුම්රිය ආරක්ෂිත ගේට්ටු සහ ආරක්ෂිත විදුලි සංඥා පද්ධති සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා සවි කළ ස්ථාන කවරේද;
(iii) ඒ සඳහා දරන ලද වියදම කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-01-22
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) වර්ෂය අනතුරු සංඛ්‍යාව
2012 113
2013 50 (ජූලි 01 දින දක්වා)
(ii) වර්ෂය මරණ සංඛ්‍යාව තුවාල සංඛ්‍යාව
2012 07 06
2013 10 36
(iii) ප්‍රජා පොලිස් සේවය මගින් සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින් යොදවා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා ගේට්ටු සවිකර ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති අතර හරස් මාර්ග සඳහා විදුලි සීනු සහිත සංඥා පද්ධතියක් බැගින් සවි කිරීමට මිල ගණන් කැඳවා ඇත.
(ආ) (i) දැනට අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග කිසිවක් නොමැත.
(ii) අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා ගේට්ටු සවිකර ඒවා ආරක්ෂා කිරීම පොලිස් දෙපාර්තමේන්තුවට පවරා ඇත.
විදුලි සීනු සහිත සංඥා පද්ධති 45ක් ස්ථාපිත කර ඇත.
විදුලි සීනු සහිත සංඥා පද්ධති 30ක් සවිකිරීමට මිල ගණන් කැඳවා ඇත.
ස්වයංක්‍රීය බාධක පද්ධති 46ක් සහ විදුලි සීනු සහිත සංඥා පද්ධති 200ක් ස්ථාපිත කිරීමට පියවර ගනිමින් සිටී.
දුම්රිය දෙපාර්තමේන්තුව මොරටුව විශ්වවිද්‍යාලය හා එක්ව අඩු පිරිවැයකින් යුත් ආරක්ෂක පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගනිමින් ඇත.
(iii) ඇස්තමේන්තුගත කර ඇත.
(iv) අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ආරක්ෂක වැඩ පිළිවෙළ සඳහා ඇස්තමේන්තුගත මුදල
(ඇ) (i) වර්ෂය සංඛ්‍යාව
2012 10
2013 33
(ii)
|
දුම්රි හරස් මාර්ග ආරක්ෂණ පද්ධති වර්ගය |
භාවිතා කරනු ලබන උපකරණ වර්ගය |
තනි දුම්රිය මාර්ග සඳහා ඇස්තමේන්තුගත මුදල රු. |
ද්විත්ව දුම්රිය මාර්ග සඳහා ඇස්තමේන්තුගත මුදල රු. |
|
මෝටරයකින් ක්‍රියාත්මක කරනු ලබන සීනු සහ සංඥා සහිත ස්වයංක්‍රීය බාධක පද්ධති |
Q - වර්ගයේ පිළියවන |
12,079,152.00 |
16,726,929.00 |
|
|
JRK වර්ගයේ පිළියවන |
17,421,252.00 |
22,752,729.00 |
|
ස්වයංක්‍රීය සීනු සහිත සංඥා පද්ධති |
Q - වර්ගයේ පිළියවන |
3,923,523.00 |
4,223,735.00 |
|
|
JRK වර්ගයේ පිළියවන |
4,756,023.00 |
5,180,200.00 |
|
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මොරටුව විශ්වවිද්‍යාලය හා එක්ව නිපදවන ලද ස්වයංක්‍රීය සීනු සහිත සංඥා පද්ධතිය අත්හදා බලන ලද අතර එය සාර්ථක වී ඇත. |
ආනයනය කරන ලද දුම්රිය ගමන් මග නිරීක්ෂණය කිරීමේ පද්ධතියක් සහිත විදුලි පාලක පද්ධතිය දුම්රිය ගමන් මග නිරීක්ෂණය කිරීමේ පද්ධතියක් සහිත විදුලි පාලක පද්ධතිය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ලදී. |
3,106,940.20 1,040,150.00 |
3,106,940.20 1,040,150.00 |
|
අතින් ක්‍රියාත්මක කරනු ලබන දුම්රිය හරස් මාර්ග බාධක |
|
1,775,500.00 |
1,775,500.00 |
2012 වර්ෂය
හොරපේ පාර ප්‍රධාන මාර්ගය
කල්වරි පාර පුත්තලම මාර්ගය
වැල්ලව හරස් පාර උතුරු මාර්ගය
පනාගොඩ පාර කැළණිවැලි මාර්ගය
කෝන්වැව හරස් මාර්ගය උතුරු මාර්ගය
කොට්ටාව හරස් මාර්ගය කැළණිවැලි මාර්ගය
පින්කැට පාර කැළණිවැලි මාර්ගය
ටැන්ජරින් පාර මුහුදුබඩ මාර්ගය
වෙනිවැල්වත්ත පාර මුහුදුබඩ මාර්ගය
ක්‍රිස්තුරාජ හරස් මාර්ගය කැළණිවැලි මාර්ගය
2013 වර්ෂය
ලියන්වල හරස් මාර්ගය කැළණිවැලි මාර්ගය
නගරසීමා මාවත කැළණිවැලි මාර්ගය
විජේරාම පාර කැළණිවැලි මාර්ගය
ඉහලබෝපේ පාර කැළණිවැලි මාර්ගය
හල්බරාව පාර කැළණිවැලි මාර්ගය
කනත්ත පාර කැළණිවැලි මාර්ගය
එදිරිසිංහ පාර කැළණිවැලි මාර්ගය
රත්නායක පාර මුහුදුබඩ මාර්ගය
ගනේගම පාර මුහුදුබඩ මාර්ගය
මාගල්කන්ද පාර මුහුදුබඩ මාර්ගය
වෙරළ පාර මුහුදුබඩ මාර්ගය
පල්ලේහෙලවින්න පාර මාතලේ මාර්ගය
සිරිවර්ධන පාර ප්‍රධාන මාර්ගය
බුත්ගමුව පාර ප්‍රධාන මාර්ගය
පුවක්පිටිය පාර කැළණිවැලි මාර්ගය
වලච්චේන ස්ටේෂන් පාර මඩකලපුව මාර්ගය
චීන වරාය පාර ත්‍රීකුණාමල මාර්ගය
කේ.කේ.එච්. පාර (කොකාවිල්) මඩකලපුව මාර්ගය
හබරාදුව හරස් මාර්ගය මුහුදුබඩ මාර්ගය
මැදවච්චිය සහ මඬු පාර අතර හරස් මාර්ග 09
මැදවච්චිය සහ කිලිනොච්චිය අතර හරස් මාර්ග 05
(iii) මිලියන 225 (දළ වශයෙන්)
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-06-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රෝහණ දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks