පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4055/’13
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහවැලි සංවර්ධන අධිකාරියෙන් ඉඩම් ලබාදුන් මහනුවර, ගුරුදෙණිය, හාරගම ග්‍රාම නිලධාරී වසමෙහි 3 කොළණියෙහි නිවාස 130 ක වාසය කරනු ලබන ජනතාව 1983 වර්ෂයේ සිට මේ දක්වා පානීය ජල පහසුකම නොමැතිකමින් මහත් පීඩාවට පත්ව ඇති බවත්;
(ii) තම දෛනික පරිභෝජනයට ජලය ලබාගැනීම සඳහා එම ජනතාවට කිලෝමීටර් එකහමාරක දුරක් යෑමට සිදුවී ඇති බවත්;
(iii) ජල සම්පාදන මණ්ඩලයේ ඇස්තමේන්තු අනුව එම ප්‍රදේශයට ජල සැපයුම ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 36 ක් අවශ්‍ය වන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඉහත සඳහන් ව්‍යාපෘතිය සඳහා මුදල් ලබා දී එකී ප්‍රදේශයේ ජනතාවට පානීය ජල පහසුකම් කඩිනමින් ලබා දෙන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-10-09
අසන ලද්දේ
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජලසම්පාදන හා ජලාපවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
*සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදි වූ වික්ටෝරියා ජලාශය හේතුවෙන් ගම් බිම් අහිමි වූ ජනතාව ගුරුදෙණිය හාරගම ග්‍රාම නිලධාරි වසමෙහි 3 කොලනියෙහි පදිංචි කර ඇති අතර, මෙම ප්‍රදේශය දැනට පවතින හාරගම ජල සම්පාදන ක්‍රමයේ සිට කිලෝමීටර 3 1/2ක දුරින් හා මීටර් 180කට වඩා උසින් පිහිටා ඇති බැවින් නළ ජලය සැපයීම අපහසු වී ඇත.
(ii) දැනට මෙම ජනතාව ජලය ලබා ගන්නා ප්‍රභවය වික්ටෝරියා ජලාශය වන අතර, එම ජලාශය කිලෝමීටර 1 1/2ක දුරින් පිහිටා ඇත.
(iii) මෙම ප්‍රදේශයට ජලය ලබා දීම සඳහා හාරගම ජල සම්පාදන ක්‍රමය වැඩිදියුණු කළ යුතු බැවින් ඒ සඳහා රුපියල් 37,160,564.00 (තුන්කෝටි හැත්තෑඑක්ලක්ෂ හැටදහස් පන්සිය හැටහතරකි.) අවශ්‍ය වේ.
(ආ) මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින අතර, එම ප්‍රතිපාදන ලැබීමෙන් පසු මාස 8ක් වැනි කාල සීමාවක් තුළදී එම ඉදි කිරීම් කටයුතු අවසන් කොට ජනතාව වෙත පානීය ජලය ලබා දීමට හැකියාව ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-10-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks