01

E   |     |  

 දිනය: 2013-11-27   පිළිතුර ලබා දී ඇත 

3938/2013: ලංකා විදුලිබල මණ්ඩලය : උපදේශකයන්

3938/’13

 

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)          (i)      ලංකා විදුලිබල මණ්ඩලයට සෘජුවම හෝ වක්‍රව  උපදෙස් ලබා දෙන සියලු උපදේශකවරුන්ගේ (ජනාධිපති උපදේශකවරුන්ද ඇතුළුව) නම් සහ ලිපිනයන් කවරේද;

            (ii)      ඔවුන් වෙනුවෙන් කරනු ලබන සියලු ගෙවීම් කවරේද;  

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-27

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)       ලංකා විදුලිබල මණ්ඩලයට සෘජුවම හෝ වක්‍රව උපදෙස් ලබා දෙන කිසිම උපදේශකවරයෙක් නොමැත.

              (ii)       පැන නොනඟී.

(ආ)       අදාළ නොවේ.

 

 

 

පිළිතුරු දුන් දිනය

2013-11-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks