පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3928/’13
ගරු සුජීව සේනසිංහ මහතා,— අග්රාමාත්යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ නගරය සුන්දර කිරීම හා සංවර්ධනය කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ අරමුණක් යැයි ප්රකාශ වන නමුදු, කොළඔ 15, මෝදර, ඉබ්බගෙවත්ත නමින් හැඳින්වෙන ස්ථානය තවමත් ඉතා අපිරිසිදුව තිබෙන බවත්;
(ii) එම ස්ථානයේ ඇති මුළුමනින්ම ජරාජීර්ණ වූ පොදු වැසිකිළි පද්ධතිය අවට පරිසරයට දුර්ගන්ධය පතුරන ස්ථානයක් බවට පත්වී ඇති බවත්;
(iii) දිරාපත් වූ වැසිකිළිවලින් ගලා යන විෂ බීජ සහිත ජලය හේතුවෙන් ප්රදේශවාසීන් දැඩි ලෙස සෞබ්ය ප්රශ්නවලට මුහුණ දෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම ප්රදේශය තුළ මිනිස් වාසයට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමටත්;
(ii) දිරා ගිය වැසිකිළි වෙනුවට නවීන වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමටත්;
පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-02-19
අසන ලද්දේ
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.
අමාත්යාංශය
අග්රාමාත්ය කාර්යාලය
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
ගරු කථානායකතුමනි, අග්රාමාත්යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්යතුමා වෙනුවෙන් මා එම ප්රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මෙම ජනාවාසය නාගරික සංවර්ධන අධිකාරිය සතු නිවාස ව්යාපෘතියක් නොවන අතර, එය නඩත්තු කිරීම, කසළ බැහැර කිරීම සහ පොදු වැසිකිළි පවත්වාගෙන යාම ආදී කටයුතු කොළඹ මහ නගර සභාවේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි.
(ii) පොදු වැසිකිළි නඩත්තු කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු නොලබයි.
(iii) ඉහත (i) හා (ii) පිළිතුරු හා බැඳේ.
(ආ) (i) නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්රියාත්මක කරනු ලබන පුනර්ජීවන ව්යාපෘතිය යටතේ ඉබ්බගෙවත්ත ද පුනස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත.
(ii) මෙම ජනාවාසයට අවශ්ය සියලුම අපරව්යුහ පහසුකම් සැපයීම මෙන්ම ඒ අවට පරිසර අලංකරණ කිරීම පුනස්ථාපන ව්යාපෘතියෙහි අරමුණ වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-02-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks