පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3927/’13
ගරු සුජීව සේනසිංහ මහතා,— වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කිලෝමීටර් 35 ක දිගින් යුතු මහඔය හා අරලගංවිල යා කෙරෙමින් ඉදිකෙරෙන මාර්ගයේ කිලෝමීටර් 15 ක් පමණ මාදුරුඔය ජාතික වනෝද්යානය හරහා ඉදිකෙරෙමින් පවතින බවත්;
(ii) එම මාර්ගය ඉදිකිරීමෙන් හෙක්ටයාර් 58,850 ක විශාලත්වයෙන් යුතු ඉහත වනෝද්යානය දෙකඩ වන බවත්;
(iii) එම තත්ත්වය යටතේ මාදුරුඔය වනෝද්යානයේ දිවියන්, අලින් ඇතුළු වන සතුන්ට විශාල හානියක් සිදුවන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත අනුව ජාතික වනෝද්යානය තුළ මාර්ග ඉදිකිරීම නීති විරෝධී බව පිළිගන්නේද;
(ii) එසේ නම්, ඉහත මාර්ගය ඉදිකිරීමෙන් මාදුරුඔය වනෝද්යානයට සිදුවන හානිය වැළැක්වීමට පියවර ගන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-01-21
අසන ලද්දේ
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.
අමාත්යාංශය
වනජීවී සම්පත් සංරක්ෂණ
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i), (ii), (iii) අදාළ මාර්ගය, මාදුරුඔය ජාතික වනෝද්යානය ප්රකාශයට පත් කරන විටත් පැවැති මාර්ගයක් වන අතර යම් කොන්දේසි හා නීතිරීතිවලට අනුව මාර්ගය භාවිත කිරීම මඟින් වනජීවීන්ට වන හානිය අවම කිරීමට හැකියාවක් ඇත.
(ආ) (i) වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව වනජීවී ජාතික රක්ෂිතයක් ප්රකාශයට පත් කරන අවස්ථාවේදී භාවිත වූ ප්රසිද්ධ මාර්ගයක් තවදුරටත් භාවිත කිරීමට අවසර ලබා දීමේ හැකියාවක් පවතින අතර රක්ෂිතයක් තුළ කොටසේදී එම මාර්ගය භාවිත කිරීම සම්බන්ධව කොන්දේසි පැනවීමට අධ්යක්ෂ ජනරාල් හට බලතල ඇත.
(ii) මෙම මාර්ගය උද්යානයේ සංරක්ෂණ හා පාරිසරික සංචාරක කටයුතු සඳහාද යොදා ගනු ලබයි. ඒ අනුව මෙම මාර්ගය උද්යානයට පිවිසෙන ස්ථාන දෙකෙහි වනජීවී ප්රවේශ පත්ර කවුළු ඉදි කිරීමට කටයුතු සිදු කරමින් පවතින අතර, නියමිත ගාස්තු ක්රමයකට යටත්ව මහ ජනතාවට පිවිසුම් පහසුකම් ලබා දීමට කටයුතු කරනු ලබයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-01-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks