පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3924/’13
ගරු සුජීව සේනසිංහ මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හම්බන්තොට වරායේ බාජ් එකක් තිබේද;
(ii) එහි බහාලුම් මෙහෙයවීම සඳහා සවිකර ඇති දොඹකර සංඛ්‍යාව කොපමණද:
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වෙනත් ගමනාන්ත කරා යන අතරතුර ඉන්ධන ලබා ගැනීම සඳහා පමණක් හම්බන්තොට වරායට මේ දක්වා පැමිණ ඇති නැව් සංඛ්‍යාව කොපමණද;
(ii) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිතුමා විසින් සඳහන් කරනු ලබන පරිදි හම්බන්තොට වරායේ ස්ථිර සේවකයින් 5000ක් පමණ සේවය කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-10
අසන ලද්දේ
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග, වරාය හා නාවික
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) කුලී පදනම මත ලබා ගන්නා ලද බාජ් 01ක් මේ වන විට හම්බන්තොට වරාය සතුවේ.
(ii) අදියර 1 යටතේ ගෙන්වන ලද ගැන්ට්‍රි දොඹකර 02ක් සහ රබර් ටයර් සහිත ගැන්ට්‍රි 01ක් මේ වන විට සවිකරමින් පවතී.
(ආ) (i) 2014 ජුනි මස 22 වන දින සිට වාණිජ මට්ටමින් නැව් සඳහා ඉන්ධන සැපයීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී. මේ වන විට ජාත්‍යන්තර නැව් ගමන් ගන්නා මාර්ගයේ ගමන් කරන නැව් 6කට ඉන්ධන මෙට්‍රික් ටොන් 2,750ක් සපයා ඇත.
(ii) හම්බන්තොට වරායේ 1 වන අදියර යටතේ මේ වන විට සේවකයන් 390ක් සේවය සඳහා යොදවා ඇති අතර, දෙවන අදියර අවසානයේ සහ ඒ වන විට දී වරාය තුළ ඇති වන කර්මාන්ත පුරයෙන් සේවකයින් 5,000ක් පමණ සේවයේ යෙදවිය හැකිය.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2016-07-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks