පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3917/’13
ගරු තලතා අතුකෝරල මහත්මිය,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි පවුල් සංඛ්‍යාව;
(ii) ඒ අතරින් පර්චසයක හෝ ඉඩම් ප්‍රමාණයක් හිමි පවුල් සංඛ්‍යාව;
(iii) එකී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඇති රජයට අයත් මුළු ඉඩම් ප්‍රමාණය;
(iv) එම ඉඩම් අතරින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් ප්‍රමාණය;
(v) පිටස්තර ප්‍රදේශවලින් ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පැමිණ සිටින අය සඳහා එම ප්‍රදේශයෙන් ලබාදී ඇති රජයේ ඉඩම් හෝ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් ප්‍රමාණය;
කොපමණද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-09-04
අසන ලද්දේ
ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 16,823
(ii) 15,991
(iii) අක්කර 15,875 රූඩ් 00 පර්චස් 15
(iv) අක්කර 1,565 රූඩ් 01 පර්චස් 34
(v) නිශ්චිතව සඳහන් කළ නොහැක.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-09-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks