01

E   |     |  

 දිනය: 2013-07-25   පිළිතුර ලබා දී ඇත 

3871/2013: වෙරළ සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය : වැඩසටහන්

3871/’13

ගරු ශෙහාන්  සේමසිංහ මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)     2005 වර්ෂයේ සිට මේ දක්වා වූ කාලය තුළ,

              (i)       වෙරළ සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය මගින් ඉටු කරන ලද වැඩසටහන් කවරේද;

            (ii)       ඩී කොම් ආයතනයේ ක්‍රියාකාරීත්වය කවරේද; 

  (iii)  ලංකා ධීවර සංස්ථාව මගින් ඉටු කරන ලද මහජන සේවාවන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  ඉහත ආයතන තුනෙහි අනාගත සංවර්ධන සැලසුම් කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-07-25

අසන ලද්දේ

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i)   මෙම ව්‍යාපෘතිය මෙම අමාත්‍යාංශය යටතේ  ක්‍රියාත්මක නොවේ.

       (ii)    මෙම ආයතනය  මෙම අමාත්‍යාංශය  යටතේ  ක්‍රියාත්මක නොවේ.

 

මෙම ප්‍රශ්නයේ (අ) (iii)   කොටසෙන් අසා ඇති   ලංකා ධීවර  සංස්ථාව මගින් ඉටු කරන ලද මහජන සේවාවන්  කවරේ ද  යන්නට  පිටු තුනක  පමණ පිළිතුරක් තිබෙනවා. එම නිසා මා මෙම පිළිතුරෙහි ඉතිරි කොටස සභාගත* කරනවා.

* සභාමේසය මත තබන ලද පිළිතුරෙහි ඉතිරි කොටස:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடையின் எஞ்சிய பகுதி :

* Rest of the Answer tabled:

[මෙම ඇමුණුම පුස්තකාලයේ ද තබා ඇත.]

[இந்த இணைப்பு நூல் நிலையத்திலும் வைக்கப்பட்டுள்ளது]

[This annex is also placed in the Library.]

 

පිළිතුරු දුන් දිනය

2013-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks