01

E   |     |  

 දිනය: 2013-07-24   පිළිතුර ලබා දී ඇත 

3870/2013: "කප්රුක පුරවර" වැඩසටහන : බීජ පොල්

3870/’13

ගරු ශෙහාන්  සේමසිංහ මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පොල් වගා කිරීමේ මණ්ඩලයේ ව්‍යාපෘතියක් වන “කප්රුක පුරවර” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන පැළ තවාන් සඳහා බීජ පොල් ලබා ගන්නා ආකාරය කවරේද;

  (ii)  බීජ පොල් ලබා ගැනීම සඳහා විශේෂිත පොල්ගස් හඳුනාගෙන තිබේද;

  (iii)  එසේ නම්, එම ගස් හඳුනාගැනීම සිදුකළ අය කවුරුන්ද;

  (iv)  මේ වන විට හඳුනාගෙන ඇති බීජ පොල් ලබාගන්නා ගස් සංඛ්‍යාව කොපමණද; 

  (v)  කප්රුක පුරවර වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන පොල් පැළ තවාන්වල මේ වන විට තවාන් කර ඇති බීජ ‍පොල් සංඛ්‍යාව කොපමණද;

  (vi)  එම එක් එක් බීජ පොල් පැළ තවාන පිහිටා ඇති ස්ථාන කවරේද;

  (vii)  එම තවාන්වලින් ලබාගන්නා වගා කිරීමට සුදුසු තත්ත්වයේ ඇති පොල් පැළ සම්බන්ධයෙන් ගනු ලබන ඊළඟ පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?     

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-07-24

අසන ලද්දේ

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ඒ.පී. ජගත් පුෂ්පකුමාර මහතා

(மாண்புமிகு  ஏ.பீ. ஜகத் புஷ்பகுமார)

(The Hon. A.P. Jagath Pushpakumara)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)        *   පොල් වගා කිරීමේ මණ්ඩලයේ තවාන්වලින්

                        *   පොල් පර්යේෂණ ආයතනයේ තවාන්වලින්

                        *   කුරුණෑගල වැවිලි සමාගමේ තවාන්වලින්

* හලාවත වැවිලි සමාගමේ තවාන්වලින්

* ප්‍රදේශයේ පොල් වගාකරුවන්ගේ තෝරාගත් පොල් ගස්වලින්

* ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් වතුවලින්

(ii) ඔව්.

(iii) * පොල් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින්

* පොල් පර්යේෂණ ආයතනය විසින් පුහුණු කරනු ලැබ ඇති පොල් වගා කිරීමේ මණ්ඩලයේ පොල් සංවර්ධන නිලධාරින් හා අදාළ ‍තාක්ෂණික නිලධාරින්.

(iv) 2013 මැයි මාසය අවසන් වනවිට තෝරාගෙන ඇති පොල් ගස් සංඛ්‍යාව - 241,433 (දෙලක්ෂ හතලිස් එක්දහස් හාරසිය තිස්තුන)

(v) 2013 වර්ෂය සඳහා 2,697,448 (විසිහය ලක්ෂ අනුහත් දහස් හාරසිය හතලිස් අට)

2014 යල කන්නය සඳහා 31,950 (තිස් එක් දහස් නවසිය පනහ)

(vi)

* පොල් පර්යේෂණ ආයතනයේ තවාන්වලින්.

* කුරුණෑගල වැවිලි සමාගමේ තවාන්වලින්

* හලාවත වැවිලි සමාගමේ තවාන්වලින්

* පොල් වගා කිරීමේ මණ්ඩලය සතු ප්‍රජා තවාන්වලින්

(ප්‍රජා තවාන් පිහිටි ස්ථාන පහත දක්වා ඇත.)

 

පිළිතුරු දුන් දිනය

2013-09-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජගත් පුෂ්පකුමාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks