01

E   |     |  

 දිනය: 2013-08-23   පිළිතුර ලබා දී ඇත 

3865/2013: පොල් වගා කරන රටවල් සමඟ අන්තර්ජාතික සබඳතා : විස්තර

 3865/13

ගරු මනූෂ නානායක්කාර මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

  ()       (i)      ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයේ දියුණුවට අදාළව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය පොල් වගා කරන වෙනත් රටවල් සමග අන්තර්ජාතික සබඳතාවයක් ඇති කර ගෙන තිබේද;

(ii) එසේ නම්, එවැනි සබඳතා ඇතිකර ගෙන ඇති රටවල් කවරේද;

  (iii) එම එක් එක් රට සමග අවබෝධතා ගිවිසුම්වලට එළැඹ තිබේද;

(iv) එම අවබෝධතා ගිවිසුම් ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයට බලපාන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-23

අසන ලද්දේ

ගරු මනූෂ නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ඒ.පී. ජගත් පුෂ්පකුමාර මහතා

(மாண்புமிகு  ஏ.பீ. ஜகத் புஷ்பகுமார)

(The Hon. A.P. Jagath Pushpakumara)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි,  එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)            (i)      ඔව්.

               (ii)      කෙන්යාව

                         කියුබාව

              (iii)      ඔව්.

( iv) 1. පොල් ආශ්‍රිත  කෘෂි වන වගා  ක්‍රම වර්ධනය අරභයා කෙන්යාවේ ලෝක කෘෂි වන වගා මධ්‍යස්ථානය සමග එළඹී ඇති අවබෝධතා  ගිවිසුම.

* මෙම  අවබෝධතා ගිවිසුම  මඟින්  පොල් පර්යේෂණ ආයතනයේ පහත දැක්වෙන  ක්‍රියාකාරකම් සඳහා කෘෂි වන වගා පර්යේෂණ  ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ සහාය ලැබුණි.

* කෘෂි වන වගා  පර්යේෂණ  ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් දකුණු පළාතේ වැලිගම පොල් කොළ මැලවී‍මේ රෝගයට  සමානව ඉන්දියාවේ පැතිර පවත්නා කේරළ පොල් මුල් කුණු වීමේ  රෝග නිරීක්ෂණය සඳහා පොල් පර්යේෂණ ආයතනයේ  විද්‍යාඥයන් අමාත්‍යාංශීය  නියෝජිත පිරිසක් හා මාතර දිස්ත්‍රික්යේ ක්ෂේත්‍ර මට්ටමේ මෙහෙයුම් කාරකයින් විසින්  කේරළයේ මධ්‍යම වතු  භෝග පර්යේෂණ ආයතනයේ කරන ලද සංචාර වැලිගම පොල් කොළ  මැලවීමේ රෝග කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති     තීරණ ගැනීම සඳහා උපයෝගී විය

* පොල් පර්යේෂණ ආයතනය් මාකඳුර ප්‍රවේණී සම්පත් මධ්‍යස්ථානයෙහි අක්කර 50ක  අතුරු  භෝග ආදර්ශනයක්  ස්ථාපිත කිරීම, මෙම ආදර්ශනය  නඩත්තු කරනු ලබන්නේ කෘෂි වන වගා  ජාත්‍යන්තර    පර්යේෂණ මධ්‍යස්ථානයයි.

*  පොල් ආශ්‍රිත වන වගා ක්‍රම සම්බන්ධයෙන්   විදේශීය සහභාගීත්වයද ඇතිව  පොල්   පර්යේෂණ ආයතන‍යේදී 2011.03.15 වන දින  පැවති  වැඩ සමුළුවට  අනුග්‍රහය.

* පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා ඒකාබද්ධව 2013 ජූලි මස 30, 31 දිනවලදී සංවිධානය කරන ලද කාලගුණික විපර්යාසයන්ගේ බලපෑම් හා ආහාර හා පරිසර සුරක්ෂිතතාවය සදහා හුරුකර ගැනීමේ  ජාත්‍යන්තර සමුළුව සදහා අනුග්‍රහය.

02. පොල් වගා හා නිෂ්පාදන ‍ක්ෂේත්‍රයෙහි  ශ්‍රී ලංකා කියුබානු සහයෝගීතාවය  ශක්තිමත් කිරීම සඳහා  2012 ජූනි 18 දින එළඹී ඇති අවබෝධතා ගිවිසුම.

* කියුබානු රජයේ කෘෂිකර්ම අමාත්‍යතුමාගේ ආරාධනයෙන් මාගේ ප්‍රධානත්වනේ   යුත් කණ්ඩායමක් කියුබාවේ සංචාරය කළ අතර එහිදී පහත එකඟතාවයන් ඇති කර ගන්නා ලදි.

* අවබෝධතා ගිවිසුම සක්‍රියව ක්‍රියාත්මක කිරීම සඳහා ස්වකීය  අමාත්‍යාංශවල කේන්ද්‍රීය  ඒකක පිහිටුවා ක්‍රියාකාරීත්ව සැලැස්මක් පිළියල කිරීම සඳහා එක්ව ක්‍රියා කිරීම.

* පොල් මයිටාවන් වැනි කෘමීන් හා රෝග කළමනාකරණය සඳහා සාමූහික පර්යේෂණයන්හි යෙදීම.

* පොල් පර්යේෂණ  ආයතනය විසින් සම්පාදිත පටක රෝපණ සැලසුම්, නවතම ජෛවතාක්ෂණයන් භාවිතා කරමින්  වාණීජ මට්ටමට වර්ධනය කරලීම හා වර්ධිත අනුක තක්ෂණය උපයෝගී කර  ගනිමින් වැලිගම පොල් කොළ මැළවීමේ රෝගය කඩිනමින් හඳුනා ගැනීම වැනි කාර්යයන්හි ලා ඒකාබද්ධ  පරයේණයන් දියත් කිරීම.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-10-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජගත් පුෂ්පකුමාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks