04

E   |     |  

 දිනය: 2010-05-18   පිළිතුර ලබා දී ඇත 

0025/2010: Rural Education evelopment Academy

0025/'10

 

ගරු අජිත් කුමාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)   පාසල් සිසුන් සඳහා ඉංග්‍රීසි, දෙමළ හා ජපන් භාෂා ඉගැන්වීමට “ග්‍රාමීය අධ්‍යාපන      සංවර්ධන ඇකඩමිය” නම් වූ ආයතනයක් මගින් දකුණු පළාත ඇතුළු පළාත් ගණනාවක ක්‍රියාත්මක ව්‍යාපෘතියට ගුරුවරුන් බඳවා ගැනීමේ දී අනුගමනය කරන ක්‍රමවේදය කුමක්ද;

(ii) එම ගුරුවරුන් ඉංග්‍රීසි, දෙමළ ‍හෝ ජපන් ආදී භාෂා ඉගැන්වීමට සුදුසු අය බවට

පිළිගත හැකි සහතිකයක් තිබේද;

(iii) මෙම ව්‍යාපෘතිය රාජ්‍ය ආයතනයක් මඟින් අධීක්ෂණය කරන්නේද;

(iv) එසේ නම්, ඒ කවුරුන් විසින්ද;

(v) අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමතියක් ලබා හෝ නොලබා තිබුණද, අදාළ කොන්දේසි අනුව කටයුතු කර නැත්නම්, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රි‍යා මාර්ග කවරේද;

       යන්න එතුමා මෙම සභාවට  දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-05-18

අසන ලද්දේ

ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks