01

E   |     |  

 දිනය: 2013-08-22   පිළිතුර ලබා දී ඇත 

3864/2013: කප්රුක සමිති : විස්තර

3864/’13

ගරු මනූෂ නානායක්කාර මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)      පොල් වගා කිරීමේ මණ්ඩලයේ මූලිකත්වයෙන් පොල් වගා කරන ප්‍රදේශවල පිහිටුවා ඇති කප්රුක සමිතිවලට පැවරෙන වගකීම කවරේද;

            (ii)      මේ වන විට කප්රුක සමිතිවලට බැඳී ඇති සාමාජික සංඛ්‍යාව කොපමණද;

(iii) දීප ව්‍යාප්තව කප්රුක සමිති පිහිටුවීමට කටයුතු කරන්නේද;

(iv) එසේ නම්, දිවයින පුරා කප්රුක සමිති පිහිටුවා අවසන් කරන දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) කප්රුක පුරවර වැඩසටහන යනු කුමක්ද යන්න එතුමා මෙම සභාවට පැහැදිලි කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-22

අසන ලද්දේ

ගරු මනූෂ නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ඒ.පී. ජගත් පුෂ්පකුමාර මහතා

(மாண்புமிகு ஏ.பீ. ஜகத் புஷ்பகுமார)

(The Hon. A.P. Jagath Pushpakumara)

 ගරු නියෝජ්‍ය කථානායකතුමනි,  මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)            (i)       *පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයට  අයත් වන පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය හා පොල් පර්යේෂණ ආයතනය යන ආයතන මගින්  ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්වල ප්‍රතිලාභ තම සාමජිකයන්ට ලබා දීම සඳහා  සමිතිවල නායකයින් එම ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම

         *රජය විසින් කප්රුක සමිතිවල  චක්‍රිය අරමුදලට  ලබා දෙන මුදල් හා ඔවුන් විසින් වෙනත් ආයෝජන මගින් ලබා ගන්නා මුදල් මගින් තම චක්‍රිය අරමුදල ශක්තිමත් කර සාමාජිකයන් සඳහා ක්ෂුද්‍ර ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.

       *කප්රුක සමිති සාමාජිකයන්ට පොල් වගාව හා පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය කරන තොරතුරු ලබා දීම හා ඔවුන්ට අවශ්‍ය කරන පුහුණු වැඩසටහන්  ගම තුළ ක්‍රියාත්මක කිරිම.

        *කප්රුක සමිති සමජිකයන්ට පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ලබා දෙන සහනාධාර හා කප්රුක ණය ලබා දීමට සහාය වීම.

   (ii)    2013 මැයි මාසය වන විට 110,171 (එක්ලක්ෂ දහදහස් එකසිය හැත්තෑ එක)කි.

   (iii)    ඔව්. පොල් වගා කිරීමට  විභවතාවය තිබෙන දිස්ත්‍රික්කවල

      (iv)   2016 දෙසැම්බර්  මස

(ආ)  තෝරා ගන්නා ලද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  තුළ පොල් වගා කළ හැකි සියලුම ඉඩම් වගා කිරීම, වගා කරන ලද ඉඩ‍ම්වල ඵලදායිතාවය ඉහළ නැංවීම   හා පොල් ‍ආශ්‍රිත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ වැඩිදියුණු කිරීම අරමණු කර ගත් වැඩසටහනකි. මෙමගින් පොල් සංවර්ධන   හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයට අයත් පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය හා පොල් පර්යේෂණ ආයතනය යන ආයතන මගින් ක්‍රියාත්මක කරන සියලුම වැඩසටහන්, ප්‍රාථමික කප්රුක සමිති හරහා තෝරා ගන්නා ලද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ක්‍රියාත්මක කරයි.

(ඇ)  ඉහත පිළිතුර අනුව පැන නොනගී.

පිළිතුරු දුන් දිනය

2013-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජගත් පුෂ්පකුමාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks