පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3860/’13
ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය,— විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන ජාල සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය කවරේද;
(ii) එම ආයතනය රජයේ ව්‍යාපෘතීන් සඳහා දෙන ලද දායකත්වය කවරේද;
(iii) දැනුම පිළිබඳ වූ වටිනාකම ව්‍යාප්ත කිරීම සඳහා දරන ලද දායකත්වය කවරේද;
(iv) එම ආයතනයේ ඉදිරි සැලසුම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-23
අසන ලද්දේ
ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු රංජිත් සියඹලාපිටිය මහතා (විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමා)
(மாண்புமிகு ரஞ்ஜித் சியம்பலாபிட்டிய - தொலைத் தொடர்புகள், தகவல் தொழில்நுட்பவியல் அமைச்சர்)
(The Hon. Ranjith Siyambalapitiya - Minister of Telecommunication and Information Technology)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත*කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer table
(අ) (i) * රටපුරා බ්‍රෝඩ් බෑන්ඩ් පහසුකම් ව්‍යප්ත කරනු පිණිස දීප ව්‍යාප්ත විදුලි සංදේශ යටිතල පහසුකම් ජාලයේ සංවර්ධන කටයුතු ඔප්ටිකල් ෆයිබර් ජාලය උපයෝගී කර ගෙන සිදු කරමින් පවතී.
* වසර 05ක් ඇතුළත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 325 ක් ආවරණය කිරීමේ ඉලක්කයෙන් 20%ක් එනම්, ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 75ක පමණ ජාතික විදුලි සංදේශ යටිතල පහසුකම් ජාලය ආවරණය කිරීම නිම කර ඇත.
* අයි- ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පාරිභෝගිකයෙකුට අවම පිරිවැයකින් එකම සම්බන්ධතාවක් මඟින් බහුවිධ සේවා සැපයිය හැකි පරිදි පවතින තඹ සංදාම වෙනුවට ඔප්ටිකල් ෆයිබර් පද්ධති සහ ඊළඟ පරපුරේ ජාල(NGN) තාක්ෂණය යෙදාගෙන ඇත.
(ii) * ලෝටස් කුළුණ සංවර්ධනය , ලංකා ගවර්න්මන්ට, ඊ-ලර්න්, ජාතික දුරස්ථ අධ්‍යාපන ජාලය (NDEN) ස්කූල් නෙට්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තු ජාලය ආදි රජය ආරම්භ කරන ව්‍යාපෘතිවලට අති නවීන තාක්ෂණික විසඳුම් සැපයීම.
* 1919 රජයේ තොරතුරු මධ්‍යස්ථානයට අවශ්‍ය පහසුකම් සැපයීම.
* දිවයින පුරා බ්‍රෝඩ් බෑන්ඩ් ජාලය හා විදුලි සංදේශ යටිතල පහසුකම් ජාලය සංවර්ධනය කිරීමෙන් රජයේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තිය අනුව රටේ තොරතුරු සංනිවේදන තාක්ෂණය ඉහළ නංවා එමගින් දළ දේශී නිෂ්පාදිතය වර්ධනය කිරීමට දායක විම.
(iii) * මෙරට සියලුම විදුලි සංදේශ ක්‍රියාකරුවන්ට අධිවේගකින්/ධාරිතාවකින් අන්තර් ජාලය, කේබල් රූපවාහිනී, ජාතික තොරතුරු (විවිධ දෙපර්තමේන්තු මඟින් පවත්වා ගෙන යනු ලබන රජයේ වෙබ් අඩවි) වෙනත් ප්‍රාසාංගක සේවා සහ හඬ සේවා මඟින් තම පාරිභෝගිකයිනට ප්‍රවේශ විය හැකිය.
* මෙරට සියලුම ජනතාවට ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයක සිට "ස්මාර්ට් ෆෝන්" මඟින් හෝ පරිගණක මඏින් ගෝලීය දැනුම ලබා ගැනීමේ අවස්ථාව සලසමින් විශ්ව ගම්මාන සංකල්පය වර්ධනය කිරීමට දායකවීම
(iv) * 2013 වසර අවසන් භාගයේ සිට තම පාරිභෝගිකයින් හට,
* නවීනතම රැහැන් රහිත සහ රැහැන් සහිත තාක්ෂණය මත පදනම් වූ පාරිභෝගික පරිශ්‍රයටම ඔප්ටිකල් ෆයිබර් සංදාම පහසුකම් සපයන (FTTh) අති නවීන අධිවේගී රැහැන් රහිත තාක්ෂණය (LTE ) ලබාදීමට.
* WiFi පද්ධති සැපයමට.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-10-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks