01

සි   |     |  

 Date: 2013-08-23   Answered 

3860/2013: NETWORK DEVELOPMENT PROJECT BY SRI LANKA TELECOM: PROGRESS

3860/’13

Hon. (Mrs) Sriyani Wijewickrama,— To ask the Minister of Telecommunication and Information Technology—

(a) Will he inform this House of —

(i) the progress of the Network Development Project that is implemented by Sri Lanka Telecom;

(ii) the contribution made by the aforesaid institution with regard to the government projects;

(iii) the contribution made in order to extend the value of the knowledge; and

(iv) the plans of the aforesaid institution ?

(b) If not, why ?

 

Asked Date

2013-08-23

Asked by

Hon. (Mrs.) Sriyani Wijewickrama, M.P.

Ministry

Telecommunication and Information Technology

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු රංජිත් සියඹලාපිටිය මහතා (විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමා)

(மாண்புமிகு ரஞ்ஜித் சியம்பலாபிட்டிய - தொலைத் தொடர்புகள்,  தகவல் தொழில்நுட்பவியல் அமைச்சர்)

(The Hon. Ranjith Siyambalapitiya - Minister of Telecommunication  and Information Technology)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි,  මා එම ප්‍රශ්නයට  පිළිතුර සභාගත*කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer table

 

(අ) (i) * රටපුරා  බ්‍රෝඩ් බෑන්ඩ් පහසුකම් ව්‍යප්ත කරනු පිණිස  දීප ව්‍යාප්ත  විදුලි සංදේශ යටිතල පහසුකම් ජාලයේ  සංවර්ධන කටයුතු  ඔප්ටිකල් ෆයිබර් ජාලය  උපයෝගී කර ගෙන සිදු   කරමින්  පවතී.

* වසර 05ක් ඇතුළත ප්‍රාදේශීය  ලේකම් බල ප්‍රදේශ 325 ක් ආවරණය කිරීමේ  ඉලක්කයෙන් 20%ක් එනම්, ප්‍රාදේශීය ලේකම්  බල ප්‍රදේශ 75ක පමණ ජාතික විදුලි සංදේශ  යටිතල  පහසුකම් ජාලය ආවරණය  කිරීම නිම කර ඇත.

* අයි- ශ්‍රී  ලංකා ව්‍යාපෘතිය  යටතේ පාරිභෝගිකයෙකුට  අවම පිරිවැයකින්  එකම සම්බන්ධතාවක් මඟින් බහුවිධ සේවා සැපයිය හැකි පරිදි පවතින තඹ සංදාම වෙනුවට  ඔප්ටිකල් ෆයිබර්  පද්ධති සහ ඊළඟ පරපුරේ  ජාල(NGN) තාක්ෂණය  යෙදාගෙන ඇත.

(ii) * ලෝටස්  කුළුණ සංවර්ධනය , ලංකා ගවර්න්මන්ට, ඊ-ලර්න්, ජාතික  දුරස්ථ  අධ්‍යාපන ජාලය (NDEN) ස්කූල් නෙට්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තු  ජාලය  ආදි රජය ආරම්භ කරන ව්‍යාපෘතිවලට අති නවීන තාක්ෂණික විසඳුම් සැපයීම.
* 1919 රජයේ තොරතුරු මධ්‍යස්ථානයට අවශ්‍ය පහසුකම් සැපයීම.

* දිවයින පුරා බ්‍රෝඩ්  බෑන්ඩ් ජාලය හා විදුලි සංදේශ යටිතල පහසුකම් ජාලය සංවර්ධනය කිරීමෙන්  රජයේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තිය අනුව රටේ  තොරතුරු සංනිවේදන තාක්ෂණය ඉහළ නංවා එමගින් දළ දේශී නිෂ්පාදිතය වර්ධනය කිරීමට දායක විම.

(iii) * මෙරට සියලුම  විදුලි සංදේශ ක්‍රියාකරුවන්ට අධිවේගකින්/ධාරිතාවකින් අන්තර් ජාලය, කේබල් රූපවාහිනී, ජාතික තොරතුරු (විවිධ දෙපර්තමේන්තු මඟින් පවත්වා ගෙන යනු ලබන රජයේ වෙබ් අඩවි) වෙනත් ප්‍රාසාංගක සේවා සහ හඬ සේවා  මඟින් තම පාරිභෝගිකයිනට  ප්‍රවේශ විය හැකිය.

                        * මෙරට  සියලුම ජනතාවට  ඕනෑම මොහොතක ඕනෑම  ස්ථානයක  සිට "ස්මාර්ට් ෆෝන්" මඟින් හෝ පරිගණක මඏින් ගෝලීය දැනුම ලබා ගැනී‍මේ අවස්ථාව සලසමින් විශ්ව ගම්මාන සංකල්පය වර්ධනය කිරීමට දායකවීම

(iv) * 2013 වසර අවසන් භාගයේ සිට තම පාරිභෝගිකයින් හට,

                       * නවීනතම රැහැන් රහිත සහ රැහැන් සහිත  තාක්ෂණය මත පදනම් වූ පාරිභෝගික  පරිශ්‍රයටම ඔප්ටිකල් ෆයිබර් සංදාම පහසුකම් සපයන  (FTTh) අති නවීන අධිවේගී රැහැන් රහිත තාක්ෂණය  (LTE )  ලබාදීමට.

* WiFi  පද්ධති සැපයමට.

(ආ) ‍අදාළ  නොවේ.

 

Answered Date

2013-10-10

Answered by

Hon. Ranjith Siyambalapitiya, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks