පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0024/'10
ගරු අජිත් කුමාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පාසල් සිසුන් සඳහා ඉංග්‍රීසි, දෙමළ හා ජපන් භාෂා ඉගැන්වීමට “ග්‍රාමීය අධ්‍යාපන සංවර්ධන ඇකඩමිය” නම් වූ ආයතනයක් දකුණු පළාත ඇතුළු පළාත් කිහිපයක ක්‍රියාත්මක වන බව එතුමා දන්නෙහිද ?
(ආ) (i) දකුණු පළාත තුළ ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පාසල් කවරේද;
(ii) එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අනෙකුත් පළාත් සහ පාසල් කවරේද;
(iii) එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශවලින් එම ආයතනයට අනුමතිය ලබා දී තිබේද;
(iv) ඒ කවර දිනයන් හි දී, කවුරුන් විසින්, කවර කොන්දේසි යටතේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඉහත ව්‍යාපෘතිය යටතේ සිසුන්ගෙන් මුදල් අය කරන්නේ නම්, එක් සිසුවෙකුගෙන් අයකරන මුදල කොපමණද;
(ii) අධ්‍යාපන අමාත්‍යාංශය හෝ රජයේ වෙනත් ආයතනයක් විසින් ඊට අනුමතිය ලබා දී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-05-18
අසන ලද්දේ
ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks