01

E   |     |  

 දිනය: 2013-08-23   පිළිතුර ලබා දී ඇත 

3779/2013: මොරටුව/පානදුර, අඹතලේ හා මීගමුව යන ප්‍රදේශ: ජල පිරිපහදු ව්‍යාපෘති

3779/’13

 

ගරු විජිත බේරු‍ගොඩ මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      දැනට වැඩ අවසන් කර ඇති මොරටුව/පානදුර, අඹතලේ හා මීගමුව යන ප්‍රදේශවලට ජල පිරිපහදු පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියේ අරමුණ කවරේද;

             (ii)      එම ව්‍යාපෘතිය මගින් ආවරණය වූ ප්‍රදේශ කවරේද;

(iii) එහි වැඩ අවසන් කරන ලද දිනය කවරේද;

(iv) ඉන් ප්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව කොපමණද;

(v) එම ව්‍යපෘතිය සඳහා වැය කරන ලද මුදල කොපමණද;

(vi) එම මුදල් වැය කරන ලද ආයතන කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-23

අසන ලද්දේ

ගරු විජිත බේරුගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජලසම්පාදන හා ජලාපවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு  தினேஷ் குணவர்தன)

(The Hon. Dinesh Gunawardena

ගරු නියෝජ්‍ය  කථානායකතුමනි,  මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත * කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      මොරටුව, පානදුර,රත්මලාන දෙහිවල හා මීගමුව යන ප්‍රදේශවල පවතින නාගරීකරණය සහ වර්ධනය වන ජනගහනය නිසා පැවති ජල සැපයුම ප්‍රමාණවත් නොවීම මත එකී  ජල සැපයුම  වැඩි දියුණු කර  එම ජනතාව  වෙත පිරිසිදු පානීය ජලය  සැපයීම.

(ii) මොරටුව,පානදුර,රත්මලාන, දෙහිවල හා මීගමුව යන ප්‍රදේශයන් ආවරණය වේ.

      (iii) අඹතලේ නව ජල පවිත්‍රාගාරය 2010.12.01 දින වන විට වැඩ අවසන් කරන ලද අතර, මීගමුව ජලපවිත්‍රාගාරය  හා එයට අනුබද්ධ ප්‍රධාන නල මාර්ග හා  බෙදා  හැරීමේ නල මාර්ග  සහිත මුළු  ව්‍යාපෘතිය 2011.09.21 දින වන විට වැඩ අවසන් කරන ලදි.

     (iv) මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභ  ලැබූ  මුළු  සංඛ්‍යාව 123304 කි. එමඟින් පානදුර ප්‍රදේශයේ අලුතින්  ජල සම්බන්ධතා  10090ක් ද,දෙහිවල ප්‍රදේශයේ 5106ක් ද , මොරටුව ප්‍රදේශයේ 10994ක් හා මීගමුව ප්‍රදේශයේ  නව සම්බන්ධතා  5614ක් ලබා දී ඇත.

(v) මෙම ව්‍යාපෘති සඳහා රුපියල් මිලයන 8920 වැය කර ඇත. වියදම් දැරූ  ආකාරය පහත   දැක්වේ.

*‍ ස්පාඤ්ඤ  රජය   රුපියල් මිලියන 1827.5

* නෙදර්ලන්ත රජය  රුපියල් මිලියන 5416

            * දේශීය අරමුදල් රුපියල් මිලියන 1676.5

  (vi) ස්පාඤ්ඤ රජය, නෙදර්ලන්ත රජය හා දේශීය අරමුදල් මෙම  ව්‍යාපෘතිය සඳහා  වැය කරන ලදි.

(ආ) පැන නොනගී.

 

පිළිතුරු දුන් දිනය

2013-10-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks