පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3778/’13
ගරු විජිත බේරුගොඩ මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජනතාව වෙත “ඩීමෝ බට්ටා”ලොරි රථ ලබාදීමේ අරමුණ කවරේද;
(ii) එම ලොරි රථ ලබාදීමේ නිර්නායක කවරේද;
(iii) එකී නිර්නායක පාදකකොට ගෙන මේ වන විට ලබාදී ඇති ලොරි රථ සංඛ්‍යාව කොපමණද;
(iv) එම එක් ලොරි රථයක වටිනාකම කොපමණද;
(v) එම ලොරි රථ ලබාදීමේ ක්‍රමවේදය නොකඩවා පවත්වාගෙන යන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම ලොරි රථ බැංකු ණයක් මගින් ලබා දෙන්නේ නම්, අදාළ බැංකුකරුවන් කවුරුන්ද;
(ii) එම ණය මුදල ලබා දෙන්නේ පොලී සහිතවද; නැතහොත්, පොලී රහිතවද;
(iii) එම ණය වාරිකයක අගය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-22
අසන ලද්දේ
ගරු විජිත බේරුගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඒ.පී. ජගත් පුෂ්පකුමාර මහතා
(மாண்புமிகு ஏ.பீ. ஜகத் புஷ்பகுமார)
(The Hon. A.P. Jagath Pushpakumara )
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) අඩු පොලී ණය යෝජනා ක්‍රමයක් යටතේ ලබා දෙන ඩීමෝ බට්ටා ලොරි රථ මඟින් පොල් ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල යෙදෙන ව්‍යවසායකයන්ට අඩු වියදමකින් තම අමුද්‍රව්‍ය හා නිමිද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම හා කුඩා පොල් වතු හිමියන්ට තම නිෂ්පාදන වෙළෙඳ පොළට ගෙන යෑමට හා වගාවට අවශ්‍ය අමුද්‍රව්‍ය ආදිය ප්‍රවාහනය කිරීම.
(ii) කප්රුක සමිති සාමාජිකයකු විය යුතුය.
පොල් ආශ්‍රිත කර්මාන්තකරුවෙකු, පොල් ආශ්‍රිත ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නෙකු හෝ පොල් වගාකරුවෙකු විය යුතුය.
සාර්ථකව එම කර්මාන්තය ඉදිරියට පවත්වා ගෙන යා හැකි පුද්ගලයෙකු විය යුතුය.
බැංකුව පිළිගන්නා ඉදිරියේදී නොකඩවා ණය ගෙවිය හැකි ව්‍යවසායකයෙකු විය යුතුය.
(iii) 62කි. (හැට දෙක)
(iv) රු. 820,000කි. ( රුපියල් අටලක්ෂ විසිදහස)
(v) ඔව්.
(ආ) (i) ලංකා බැංකුව
(ii) මෙම ණය මුදල පොලී සහිත ණය මුදලක් වන අතර වත්මන් පොලී අනුපාතිකයට වඩා 1%ක් අඩුවෙන් ලබා දේ.
(iii) මූලික ගෙවීම රු.50,000කි. ගෙවීම් කිරීම් සඳහා කාලය උපරිමය වර්ෂ 05ක් වන අතර පොලී රහිත මාසික වාරිකය රු. 13,666කි. (රුපියල් දහතුන්දහස් හයසිය හැටහය)
වර්ෂ 04න් ගෙවීම් සිදු කරයි නම් පොලී රහිත මාසික වාරිකය රු.17,083කි. (රුපියල් දාහත්දහස් අසූ තුන)
වර්ෂ 03කින් ගෙවීම් සිදු කරයි නම් පොලී රහිත මාසික වාරිකය රු. 22,777කි. (රුපියල් විසිදෙදහස් හත්සිය හැත්තෑහත)
(ඇ) ඉහත පිළිතුර අනුව පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජගත් පුෂ්පකුමාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks