පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3775/’13
ගරු විජිත බේරුගොඩ මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හදිසි නීතිය යටතේ උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරනු ලැබූ දිනය කවරේද;
(ii) එසේ ඒකාබද්ධ කිරීමට තුඩු දුන් හේතු කවරේද;
(iii) එසේ ඒකාබද්ධ කරන ලද උතුරු හා නැගෙනහිර පළාත්, පළාත් දෙකක් වශයෙන් නැවත ප්‍රකාශයට පත් කරනු ලැබූ දිනය කවරේද;
(iv) එම පළාත් වෙන් කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකින් පසුව සිදුකරනු ලැබුවේද;
(v) නොඑසේ නම්, එවැනි නඩු තීන්දුවක් ලැබීමට පෙර එසේ කරනු ලැබුවේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-25
අසන ලද්දේ
ගරු විජිත බේරුගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
ගරු කථානායකතුමනි, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 1988.09.08.
(ii) පළාත් සභා පිහිටුවීමට ජනාධිපතිතුමාට දී ඇති බලය ප්‍රකාරව හා 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 37(1) යටතේ ඇති බලතල අනුව.
(iii) 2006.10.16.
(iv) ඔව්.
(v) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-10-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks