පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3772/’13
ගරු විජිත බේරුගොඩ මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යාපනය අර්ධද්වීපය තුළ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේ අරමුණ කුමක්ද;
(ii) එම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට බලාපොරොත්තු වන කාල වකවානුව කවරේද;
(iii) එම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභ ලබන පාරිභෝගිකයන් සංඛ්‍යාව කොපමණද;
(iv) එම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කරන ලද වියදම කොපමණද;
(v) මේ වන විට එම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කර ඇති මුදල කොපමණද;
(vi) එම වියදම දරනු ලබන ආයතන කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-21
අසන ලද්දේ
ගරු විජිත බේරුගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජලසම්පාදන හා ජලාපවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
(மாண்புமிகு நிமல் சிறிபால த சில்வா)
(The Hon. Nimal Siripala de Silva)
ගරු කථානායකතුමනි, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
Answer tabled:
(අ) (i) යාපනය දිස්ත්‍රිකයේ කයිට්ස්, වේලානයි, නල්ලූර්, කරෙයිනගර්, යාපනය, චාවකච්චේරි, සන්ඩ්ලිපායි, කෝපායි හා චන්ගානයි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පලාලි, පූනගරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත්වන ජනතාවගේ පානීය ජල පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.
(ii) මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු 2015 වසරේ අවසන් කිරීමට නියමිතව ඇත.
(iii) දැනට මෙම ප්‍රදේශයේ ජල සම්පාදන ක්‍රම මඟින් 26,550ක ජනගහනයක් සඳහා නල ජල පහසුකම් ලබා දී ඇති අතර, එය 300,000 (1130%) දක්වා වැඩි කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කිරීමට නියමිතය. තවද, 80,000ක ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් ලබා දීම හා ඉරණමඩු ජලාශය වැඩිදියුණු කිරීම නිසා 55,000ක ජනතාවගේ වාරිමාර්ග පහසුකම් වැඩිදියුණු කිරීමද, මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කෙරෙනු ඇත.
(iv) ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 18,000ක් පමණ වේ.
(v) 2013.06.30 දින වන විට ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 373ක මුදලක් වැය කර ඇත.
(vi) ආසියානු සංවර්ධන බැංකුව සහ ප්‍රංශ සංවර්ධන නියෝජිත කාර්යාංශය.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-10-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks