පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3770/’13
ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කලාව, සංස්කෘතිය සහ සාහිත්‍ය ප්‍රවර්ධනය කරනු පිණිස ජනාකීර්ණ කින්නියා නගරයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවන ලෙස අධ්‍යාපනඥයින්, විද්වතුන් සහ ලේඛකයින් විසින් පසුගිය කාලයේ ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කර ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) ඉහත සඳහන් කළ අංශයන් සහ ජනතාවගේ අනෙකුත් ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම පිණිස කින්නියා නගරයේ එවැනි සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-10-09
අසන ලද්දේ
ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංස්කෘතික හා කලා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ටී. බී. ඒකනායක මහතා (සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යතුමා)
(மாண்புமிகு ரி. பி. ஏக்கநாயக்க - கலாசார, கலை அலுவல்கள் அமைச்சர்)
(The Hon. T.B. Ekanayake - Minister of Culture and the Arts)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) ඔව්.
(ආ) කින්නියා නගරයෙහි සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීම සම්බන්ධව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්.එස්. තව්ෆික් මැතිතුමා විසින් කරන ලද භූමි නිරීක්ෂණයන්ගෙන් අනතුරුව එම සංස්කෘතික මධ්‍යස්ථානය ඉදි කිරීමට උචිත ලෙස එම භූමිය සකස් කර දෙන බවට ප්‍රකාශ කර ඇත. ඒ අනුව එම ඉදි කිරීමට අදාළ වූ සැලසුම් ඇස්තමේන්තු එවන ලෙස මේ වන විට කින්නියා ප්‍රාදේශීය ලේකම් වෙත 2012.11.06 දින දන්වා යවා ඇති අතර ඒ සම්බන්ධව 2013.08.17 දිනෙන් සිහි කැඳවීම් ලිපියක් ද යවා ඇත.
(ඇ) පැන නො නඟී.
පිළිතුරු දුන් දිනය
2013-10-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටී. බී. ඒකනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks