පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3751/’13
ගරු සුජීව සේනසිංහ මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2013 පෙබරවාරි 23 දිනට පසු පිරිපහදුකර වෙළඳපළට නිකුත් කිරීමට ආනයනය කළ බොරතෙල් බැරලයක මිල ශ්රී ලංකා රුපියල්වලින් කොපමණද;
(ii) එම බොරතෙල් බැරලයක් පිරිපහදු කිරීමේ පිරිවැය කොපමණද;
(iii) පිරිපහදු කළ පෙට්රල්, ඩීසල් සහ භූමිතෙල් ලීටරයක් සඳහා බදු හා ලාභය එකතු කිරීමට ප්රථම දරන පිරිවැය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඩීසල් සහ භූමිතෙල් ලීටරයක මිලට එකතු කළ බදු මුදල හා ලාභය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2013 පෙබරවාරි 23 දින සිට අලෙවිය සඳහා ආනයනය කළ පිරිපහදු කරන ලද ඩීසල් හා භූමිතෙල් ලීටරයකට වැය වූ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2013 පෙබරවාරි 24 දින සිට පෙට්රල්, ඩීසල් සහ භූමිතෙල් ලීටරයක විකුණුම් මිල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ඉහත ඉන්ධන මිල ගණන් නියම කිරීමට හේතුවී ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අකාර්යක්ෂමතා, නාස්තිය හා දූෂණ නිසා බව පිළිගන්නේද;
(ii) එවැනි තත්ත්වයන් නිවැරදි කර සාධාරණ මිලකට ඉන්ධන අලෙවි කිරීමට ක්රියා කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-25
අසන ලද්දේ
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.
අමාත්යාංශය
ඛනිජ තෙල් කර්මාන්ත
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2013 පෙබරවාරි 23 සිට 2013 සැප්තැම්බර් 30 දින දක්වා වන කාල පරිච්ඡේදයට අදාළව නැව්ගත බොර තෙල් තොග 10ක් ආනයනය කරන ලද අතර, අදාළ බොර තෙල් නැව්ගත තොගයේ බැරල් එකක් සඳහා වන පිරිවැය පහත සඳහන් කර ඇත.
|
අනු අංකය |
නැව්ගත භාණ්ඩ තොග දිනය |
බැරල් එකක් සඳහා වන පිරිවැය (රුපියල්) |
|
01 |
2013.03.08 |
14,117.79 |
|
02 |
2013.03.14 |
13,921.64 |
|
03 |
2013.04.05 |
14,577.43 |
|
04 |
2013.05.28 |
14,173.04 |
|
05 |
2013.06.14 |
13,741.24 |
|
06 |
2013.07.01 |
13,991.03 |
|
07 |
2013.07.09 |
14,191.19 |
|
08 |
2013.08.13 |
15,406.27 |
|
09 |
2013.09.14 |
14,702.76 |
|
10 |
2013.09.26 |
15,891.38 |
(ii) 2013 මාර්තු මස සිට සැප්තැම්බර් මාසය දක්වා වන කාල පරිච්ඡේදය සඳහා බොර තෙල් බැරලයක් පිරිපහදු කිරීම වෙනුවෙන් වැය කරන ලද පිරිවැය රුපියල් 15,691.61කි.
(iii) පිරිපහදු කරන ලද පෙට්රල්, ඩීසල් සහ භූමිතෙල් ලීටරයක් සඳහා බදු අය කිරීමට පෙර වැය කරන ලද පිරිවැය පහත දක්වා ඇත.
|
ඛනිජ තෙල් නිෂ්පාදන වර්ගය |
ලීටරයක් සඳහා වන පිරිවැය (බදු රහිත) (රුපියල්) |
|
පෙට්රල් 90 ඔක්ටේන් |
129.66 |
|
ඔටෝ ඩීසල් |
121.46 |
|
භූමිතෙල් |
119.26 |
(iv) පිරිපහදු කරන ලද ඩීසල් සහ භූමිතෙල් ලීටරයක් සඳහා අය කරන බදු මුදල හා ලාභය වෙන් වෙන් වශයෙන් පහත දක්වා ඇත.
|
ඛනිජ තෙල් නිෂ්පාදන වර්ගය |
ලීටරයක් සඳහා වන පිරිවැය (බදු රහිතව) (රුපියල්) |
ලීටරයක් සඳහා අය කරන බදු ප්රමාණය (රුපියල්) |
ලීටරයක් සඳහා වන පිරිවැය (බදු සහිත)(රුපියල්) |
ලීටරයක විකුණුම් මිල(රුපියල්) |
ලීටරයකට ලැබෙන ලාභය (රුපියල්) |
|
ඔටෝ ඩීසල් |
121.46 |
3.65 |
125.11 |
121.00 |
4.11 පාඩුවකි |
|
භුමිතෙල් |
119.26 |
1.03 |
120.29 |
106.00 |
14.29 පාඩුවකි |
(ආ) (i) 2013 පෙබරවාරි 23 දින සිට අළෙවි කිරීම සඳහ ආනයනය කළ පිරිපහදු කරන ලද ඩීසල් හා භූමිතෙල් ලීටරයක් සඳහා දරන පිරිවැය පහත දැක්වේ.
|
ඛනිජ තෙල් නිෂ්පාදන වර්ගය |
ලීටරයක් සඳහා වන පිරිවැය (බදු රහිතව) (රුපියල්) |
|
ඔටෝ ඩීසල් |
122.13 |
|
භූමිතෙල් |
122.87 |
(ii) 2013 පෙබරවාරි 24 දින සිට පෙට්රල්, ඩීසල් හා භූමිතෙල් ලීටරයක් සඳහා වන විකුණුම් මිල
|
ඛනිජ තෙල් නිෂ්පාදන වර්ගය මිල (රුපියල්) |
|
|
පෙට්රල් 90 ඔක්ටේන් |
162.00 |
|
ඔටෝ ඩීසල් |
121.00 |
|
භූමිතෙල් |
106.00 |
(ඇ) (i) නැත.
(ii) පැන නොනඟී.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-11-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුර ප්රියදර්ශන යාපා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks