01

E   |   த   |  

 දිනය: 2013-11-23   පිළිතුර ලබා දී ඇත 

3750/2013: දික්ඕවිට ධීවර වරාය : අරමුණු

3750/’13

 

ගරු සුජීව සේනසිංහ මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)         (i)       දික්ඕවිට ධීවර වරාය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කළ මුදල කොපමණද;

             (ii)       එම වරාය ඉදිකිරීමට වැය කළ මුළු මුදල කොපමණද;

           (iii)       එම වරායේ ඉදිකිරීම් ආරම්භ කළ දිනය සහ ඉදිකිරීම් අවසන් කළ දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) දික්ඕවිට ධීවර වරාය තුළ හැසිරවිය හැකි ධීවර යාත්‍රා වර්ග කවරේද;

(ii) එහි හැසිරවිය හැකි ඉහත සඳහන් එක් එක් යාත්‍රා  වර්ගවල සංඛ්‍යාවන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම වරාය ඔස්සේ දෛනිකව ලැබෙන මත්ස්‍ය අස්වනු ප්‍රමාණය කොපමණද;

(iv) මේ වන විට එම වරාය මගින් ලබා දී ඇති සෘජු හා වක්‍ර රැකියා සංඛ්‍යාව කොපමණද;

(v) එම වරාය ඉදිකිරීම තුළින් ඉටුකර ගැනීමට අපේක්ෂා කළ අරමුණු කවරේද;

(vi) එම අරමුණු මේ වනවිට ඉටුවී තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-23

අසන ලද්දේ

ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2013-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks