පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0015/’10
ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2008 වර්ෂයේ සිට මේ දක්වා දිවයින පුරා වාර්ෂිකව සිදු වී ඇති රිය අනතුරු සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ අතුරින්, මාරක රිය අනතුරු සංඛ්‍යාව හා සාමාන්‍ය රිය අනතුරු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) මෙම රිය අනතුරු අතුරින් අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් සහ මත්ද්‍රව්‍ය ගැනීමෙන් පසු රිය ධාවනය කිරීම හේතුවෙන් සිදුවී ඇති අනතුරු සංඛ්‍යාව කොපමණද;
(iv) මෙම අනතුරු හේතුවෙන් මියගිය හා තුවාල ලැබූ හෝ ආබාධිත වූ සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) මෙසේ දිවයින පුරා සිදුවන රිය අනතුරු වළක්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-05-20
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks