04

E   |     |  

 දිනය: 2010-05-20   පිළිතුර ලබා දී ඇත 

0014/2010: SL Army

0014/’10

ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු ‍අමාත්‍යතුමා ගෙන් ඇසීමට,—

(අ)      මේ දක්වා වූ පසුගිය වසර 10 ක කාලය තුළ, එක් එක් වර්ෂයේදී,

               (i)      යුද හමුදාවේ සාමාජික සංඛ්‍යාව කොපමණද;

              (ii)      වැටුප් හා වේතන සඳහා වැය කරන ලද මුදල කොපමණද;

            යන්න එතුමා මෙම සභාවට දැනුම් දෙන්නෙහිද?

(ආ) පසුගිය අවුරුදු පහක කාලය තුළ එක් එක් වර්ෂයේදී යුද හමුදාවේ පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) රෙජිමේන්තුවක හෝ කණ්ඩායමක සිටින යුද හමුදා සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

(ii) පළාත් පදනම මත සේවයේ යොදවන ලද යුද හමුදා සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-05-20

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks