logo

02

E   |     |  

 දිනය: 2014-05-06   පිළිතුර ලබා දී ඇත 

3713/2014: ජනාධිපති අරමුදල : විස්තර

3713/’13

 

ගරු අනුර දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2010, 2011 සහ 2012 වර්ෂවලදී ජනාධිපති අරමුදලට ලැබුණු මුදල් ප්‍රමාණය කොපමණද;

            (ii)       එම මුදල් සම්පාදනය කරගත් ආකාරය කවරේද;

යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  ජනාධිපති අරමුදලින් පසුගිය වර්ෂ දෙක තුළ දී වැය කරනු ලැබූ සමස්ත මුදල;

  (ii)  එක් එක් ක්ෂේත්‍රය අනුව වැය කළ මුදල;

කොපමණද යන්නත් වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  (i)  ජනාධිපති අරමුදලින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ආධාර ලබා දීම සඳහා පුද්ගලයින් තෝරා ගැනීම සිදුකරන පදනම කවරේද;

  (ii)  පසුගිය වර්ෂ 03ක කාලය තුළ ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් ආධාර ලබා දී තිබේද;

  (iii)  එසේ නම්, ඔවුන්ගේ නම් සහ එක් එක් තැනැත්තාට ලබා දුන් මුදල් ප්‍රමාණය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-06

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)  (i)  වර්ෂය           සමස්ත ආදායම (රු.)

            2010            1,135,962,451.35

            2011            1,646,496,088.79

            2012            1,863,699,012.78   

             (ii) 

වර්ෂය

2010

2011

2012

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මඟින්

969,473,122.00

1,376,035,051.00

1,648,471,001.00

පොලී ආදායම

129,836,475.42

112,754,910.99

155,469,134.38

පරිත්‍යාග වශයෙන්

36,580,919.65

157,706,126.80

59,758,877.40

විවිධ ලැබීම්

71,934.28

-

-

එකතුව

1,135,962,451.35

1,646,496,088.79

1,863,699,012.78

 

 

(ආ)     (i)      වර්ෂය                        සමස්ත වියදම (රු.)

                  2011    1,522,326,318.86

                  2012    1,713,863,623.15

            (ii)      එක් එක් ක්ෂේත්‍රය අනුව වැය කළ මුදල

කාණ්ඩය

2011

2012

මුළු එකතුව

(රු. මි.)

වෛද්‍ය ආධාර

815,814,245.79

857,641,804.65

1,673,456,050.44

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සඳහා ලබා දී ඇති මුදල

600,866,585.50

734,128,030.50

1,334,994,616.00

ශිෂ්‍යත්ව ආධාර

96,266,987.57

102,447,038.00

198,714,025.57

අධ්‍යාපන සංවර්ධන කටයුතු සඳහා ආධාර

සංස්කෘතික කටයුතු සඳහා ආධාර

1,260,000.00

7,385,000.00

8,645,000.00

ආගමික කටයුතු සඳහා ආධාර

3,150,000.00

650,000.00

3,800,000.00

විශේෂ ව්‍යාපෘති සඳහා ආධාර

2,000,000.00

800,000.00

2,800,000.00

සුබසාධන හා වෙනත් කටයුතු සඳහා ආධාර

968,500.00

611,750.00

1,580,250.00

එකතුව

1,522,326,318.86

1,713,863,623.15

3,236,189,942.01

 

2,000,000.00

10,200,000.00

12,200,000.00

(ඇ) (i) වෛද්‍ය ආධාර ලබාගැනීමට පහත සඳහන් ලියකියවිලි අවශ්‍ය වේ.

* විශේෂඥ වෛද්‍යවරයාගේ ලිපිය (මුල් පිටපත)

* වියදම් ඇස්තමේන්තුව (මුල් පිටපත)

* රෝගියාගේ හෝ ඉල්ලුම්කරුගේ ලිඛිත ඉල්ලීමක්

එමෙන්ම මෙම ලියකියවිලි ඉදිරිපත් කර ඇති රෝගීන් අතුරින්, පහත සුදුසුකම් සපුරාලන පුද්ගලයෝ ජනාධිපති අරමුදලින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ආධාර ලැබීමට සුදුසුකම් ලබති.

* ප්‍රතිකාර සඳහා ප්‍රමාණවත් මුදලක් නොමැති

* ආදායම් බදු නොගෙවන

* පවුලේ මාසික ආදායම ර.70,000/= සීමාව නො ඉක්මවූ

* සැත්කම හෝ ප්‍රතිකාර සඳහා වූ ඇස්තමේන්තුවෙන් සියයට 50 හෝ ඊට වැඩි මුදලක් රක්ෂණ ක්‍රමයකින් හෝ වෙනත් ආකාරයකින් නොලැබෙන

* ජාතික රක්ෂණ භාරකාර අරමුදලින් ප්‍රතිලාභ නොලබන

* ජනාධිපති අරමුදලින් ඉල්ලීමක් කිරීමට පෙර සැත්කමක් / ප්‍රතිකාර කිරීමට සිදු වූයේ නම් රෝගියා රෝහලෙන් පිට වී ගොස් සතියේ වැඩ කරන දින 5ක් ඇතුළත ඉල්ලීම ඉදිරිපත් කළ.

(ii) ඔව්.

(iii) ඔව්. 

 

වර්ෂය

 

නම

 

තනතුර

 

ලබා දුන් මුදල

     2010

ගරු පී. පොඩිඅප්පුහාමි මැතිතුමා                      

 

ගරු අශෝක ජයවර්ධන මැතිතුමා                      

 

ගරු සරණපාල විජේසිංහ මැතිතුමා

ප්‍රාදේශීය සභා මන්ත්‍රී 

 

පළාත්

සභා මන්ත්‍රී 

 

පාර්ලිමේන්තු මන්ත්‍රී

250,000.00    

 

 

300,000.00    

 

358,000.00

එකතුව

908,000.00

 

වර්ෂය

 

නම

 

තනතුර

 

ලබා දුන් මුදල

 2011

ගරු මනෝජ් සිරිසේන මැතිතුමා

ගරු පී. හැරිසන් මැතිතුමා

ගරු ආර්.ඒ. ටියුඩර් දයාරත්න මැතිතුමා

පළාත් සභා මන්ත්‍රී     පාර්ලිමේන්තු මන්ත්‍රී     පාර්ලිමේන්තු මන්ත්‍රී

300,000.00    

 

250,000.00    

 

300,000.00

එකතුව

 

850,000.00

වර්ෂය

නම

තනතුර

ලබා දුන් මුදල

                         2012

ගරු ආර්. ධම්මික අංගම්මන මැතිතුමා

ගරු කේ.ආර්. මහින්ද මැතිතුමා

ගරු අයි.කේ. මහින්ද රත්නතිලක මැතිතුමා

ගරු ඩී.ඒ. ආරියනන්ද මැතිතුමා

ගරු ඒ.එම්.ජේ.එම්. අධිකාරී මැතිතුමා

ගරු එච්.ඩබ්ලිව්. ගුණසේකර මැතිතුමා    ගරු ජයලත් ජයවර්ධන මැතිතුමා

ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා*

ගරු ඩී.එම්. ජයරත්න මැතිතුමා

පළාත් සභා මන්ත්‍රී     පළාත් සභා මන්ත්‍රී     පාර්ලිමේන්තු මන්ත්‍රී       පාර්ලිමේන්තු මන්ත්‍රී     පාර්ලිමේන්තු මන්ත්‍රී     පාර්ලිමේන්තු මන්ත්‍රී     පාර්ලිමේන්තු මන්ත්‍රී     පාර්ලිමේන්තු මන්ත්‍රී හා ගරු ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය

ගරු අග්‍රාමාත්‍ය

500,000.00     541,443.85     1,000,000.00      250,000.00     150,000.00     500,000.00     1,000,000.00     10,908,798.40         29,298,926.09

 එකතුව

44,149,168.34

 

* මෙම මුදල කොටස් වශයෙන් ආපසු ගෙවීමට එතුමා එකඟ වී ඇත.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks