පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3699/’13
ගරු අනුර දිසානායක මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2013 පෙබරවාරි මාසය තුළ පෙට්‍රල් මෙට්‍රික් ටොන් එකක් ආනයනය කරන ලද සාමාන්‍ය මිල (CIF VALUE);
(ii) මෙට්‍රික් ටොන් එකක ආසන්න වශයෙන් අඩංගු පෙට්‍රල් ලීටර් සංඛ්‍යාව;
(iii) ඒ අනුව 2013 පෙබරවාරි මාසය තුළ පෙට්‍රල් ලීටරයක් වරායෙන් ගොඩබාන විට තිබූ සාමාන්‍ය මිල;
(iv) පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රජය විසින් අය කරනු ලබන එක් එක් බදු ප්‍රමාණයන්;
(v) පෙට්‍රල් ලීටරයකින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන ලාභය;
(vi) පෙට්‍රල් ලීටරයක් බෙදා හැරීමේ වියදම හා අලෙවි කිරීම මඟින් පිරවුම් හල ලබන ලාභය;
කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-09-04
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඛනිජ තෙල් කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රුපියල් 151,754.86කි. (මෙට්‍රික් ටොන් එකක CIF අගය)
(ii) ලීටර් 1,377.438යි.
(iii) ලීටරයකට රුපියල් 110.17යි.
(iv)
|
බදු වර්ගය |
ලීටරයකට අය කරන බදු ගාස්තුව (රු.) |
|
වරාය හා ගුවන් තොටුපළ ගාස්තු (PAL) (මි.ර.ගැ. (CIF) වටිනාකමින් සියයට 5) |
5.22 |
|
රේගු බදු |
12.00 |
|
නිෂ්පාදන බදු |
25.00 |
|
ආනයනය කළ නිෂ්පාදන මත ජාතිය ගොඩනැඟීමේ බදු |
1.30 |
|
එකතුව |
43.52 |
(v) රුපියල් 1.62ක අලාභයක් ලබයි.
(vi) බෙදා හැරීමේ වියදම - බෙදා හැරීමේ වියදම දුර අනුව බෙදුම්කරුගෙන් බෙදුම්කරුට වෙනස් වේ.
පිරවුම්හල ලබන ලාභය - අළෙවිය මත කොමිස් මුදලක් (commission) ඉන්ධන පිරවුම්හල වෙත ලබා දේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks