පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0010/’10
ගරු රවී කරුණානායක මහතා,— සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලක් සතොස ආයතනයේ මානව සම්පත් හා පරිපාලන අධ්‍යක්ෂවරයාගේ නම කුමක්ද;
(ii) ඔහුගේ නම ප්‍රියාල් පෙරේරාද;
(iii) එසේ නම්, ප්‍රියාල් පෙරේරා මහතාගේ සුදුසුකම් හා වයස කවරේද;
(iv) පැමිණීමේ ලේඛනයක් අත්සන් කිරීමෙන් තොරව වසර 2 ක කාලයක් සඳහා (2006 - 2008) ලබා නොගත් නිවාඩු වෙනුවෙන් රුපියල් 80,000/- ක මුදලක් ඔහු විසින් ලබා ගත්තේ කෙසේද;
(v) වැටුප් සඳහා රු. 115,000/-
ගමන් වියදම් රු. 43,500/-
ඉන්ධන රු. 20,000/-
දුරකථන රු. 2,500/-
වශයෙන් මාසික වැටුප් හා දීමනා ඔහු ලබා ගත්තේ කිනම් කාල සීමාවක් තුළද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) එවැනි වරප්‍රසාද ලබන අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ නම් කවරේද යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නේද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-05-18
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks