01

E   |     |  

 දිනය: 2013-10-23   පිළිතුර ලබා දී ඇත 

3692/2013: ජී.එස්.පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වීම : විස්තර

3692/’13

 

ගරු අනුර දිසානායක මහතා,— ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ජී. එස්. පී ප්ලස් (GSP Plus) බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වූ දිනය කවරේද;

             (ii)      එතැන් සිට ශ්‍රී ලංකාවේ වසා දමන ලද ඇඟලුම් කම්හල් සංඛ්‍යාව කොපමණද;

(iii) එමගින් රැකියාව අහිමි වූ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව කොපමණද;

(iv) එම ඇඟලුම් කම්හල් වසා දැමීම මගින් රටට අහිමිවූ ආදායම කොපමණද;

(v) ඉහත පරිදි රැකියා වියුක්තියට බඳුන්වූවන් රැකියා නියුක්ති තත්ත්වයට පත්කිරීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-10-23

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා

(மாண்புமிகு லக்ஷ்மன் யாப்பா அபேவர்தன)

(The Hon. Lakshman Yapa Abeywardena)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

 

(අ)          (i)      ජී.එස්.පී. ප්ලස් (GSP Plus) බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වූ දිනය  2010 අගෝස්තු මස 15.

              (ii)      එතැන් සිට 2012.12.31වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ වසා දමන ලද ඇඟලුම් කම්හල් සංඛ්‍යාව 25යි.

 

2010  =   10

2011  =   11

2012  =   04

—————

එකතුව     25

ගරු කථානායකතුමනි,  "ශ්‍රී ලංකාවේ වසා  දමන ලද ඇඟලුම් කම්හල් සංඛ්‍යාව" කියන ප්‍රශ්නයට  මා පිළිතුරු දුන්නාට, මේ ඇඟලුම් කම්හල් සියල්ලම වාගේ ප්‍රධාන කම්හල් විසින් පවරාගෙන තිබෙනවා. ඒ නිසා "වසා දමන ලද" යනුවෙන් සඳහන් කළාට, ඒ ඇඟලුම් කම්හල්  සියල්ලම වාගේ ප්‍රධාන කම්හල්වලට පවරාගෙන හෝ  ඒකාබද්ධ වෙලා තිබෙනවා.

 

මෙම ඇඟලුම් කම්හල් වැඩි ප්‍රමාණයක් ප්‍රධාන කම්හල් පවරා ගෙන හෝ ප්‍රධාන කම්හල් සමඟ ඒකාබද්ධ වී ඇත.  එම ඇඟලුම් කම්හල් පිළිබඳ වැඩි විස්තරයක් ඇමුණුම 01හි දක්වා තිබෙනවා.  වැසුවාට පස්සේ  එම සමාගම ලබා ගත්ත සමාගම මොකක්ද කියලා කියන එක එහි සඳන්ව තිබෙනවා. ඒකෙන් කියන්නේ නැහැ, ඒ සමාගම වැහුණා කියලා. වෙනත් සමාගමක් විසින් -මහ සමාගමක් විසින්- පොඩි ඇඟලුම් කර්මාන්තශාලා මිලයට  අරගෙන තිබෙනවා. ඒ ඇමුණුම  මම ඔබතුමාට දෙනවා, කොච්චර ප්‍රමාණයක් ඒකට එක්කාසු වුණාද කියලා දැන ගන්න.

ඇමුණුම්  01 සභාගත* කරමි.

             (iii)   දැනටත් රැකියා හිඟයක් තිබෙනවා. රැකියා අහිමි වෙලා නැහැ. ඒ අය  වෙනත් සමාගම්වල රැකියාවට ගිහින් තිබෙනවා. කොහොම වුණත් වහපු සමාගමේ සිටිය ප්‍රමාණය මම ඔබතුමාට කියනවා. සම්පූර්ණ ගණන 9,879යි. ඒ 9,879 දෙනා වෙනත් සමාගම්වලට ගිහින් තිබෙනවා. ඒ සමාගම්වලට ගිය සේවක සංඛ්‍යාව වෙනමම අදාළ විස්තරත් සමඟ මම ඇමු‍ණුමෙන්  ඉදිරිපත් කරනවා.

             (iv)   මුල් සමාගම්වලට ආදායම අහිමි වුණාට, ප්‍රධාන සමාගම්වලට එක්කාහු වුණාම ඒ ආදායම රටට ලැබිලා තිබෙනවා. එය රුපියල් මිලියන 782කි. ඇඟලුම් අපනයන පිළිබඳ වැඩි විස්තර ඇමුණුම 02හි දක්වා ඇත.

ඇමුණුම් 02 සභාගත* කරමි.

             (v) රැකියා අහිමි වූ සේවකයන් පිළිබඳව දත්ත සපයනු ලැබුවද, සත්‍ය තත්ත්වය විග්‍රහ කරනුයේ එම ශ්‍රමිකයන් වෙනත් කර්මාන්තශාලාවලට සේවා නියුක්ත වූ බවය. පහත දැක්වෙන සේවක සංඛ්‍යාව පිළිබඳ වාර්තාවේ සඳහන් පරිදි, -ඔබට මේ වාර්තාවෙන් සඳහන් කළ පරිදි- ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිය ක්‍රමයෙන් වර්ධනය වී ඇත. රැකියා වියුක්තිය නොවෙයි, රැකියා  නියුක්තිය  ක්‍රමයෙන් ව‍ර්ධනය වෙලා තිබෙනවා. ඒ බව පහත සඳහන් සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වෙනවා.

 

වර්ෂය

සේවා නියුක්තිය

සේවා නියුක්තියෙහි වාර්ෂික                    වර්ධනය

2010

263,068

 

2011

283,526

 20,458

2012

291,299

   7,773

 

 එකතුව

 28,161

ඇඟලුම් ක්ෂේත්‍රය  මුහුණ පා ඇති ප්‍රධානතම ගැටලුව වනුයේ කර්මාන්තයට අවශ්‍ය ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් නොමැති වීම වන අතර, ඇඟලුම් ක්ෂේත්‍රයේ එම සේවක හිඟය 30,000ක් ලෙස තක්සේරු කර ඇත. එබැවින් GSP Plus  බදු සහනයෙන් පසු ඇඟලුම් කම්හල් වසා දැමීම නිසා රැකියා වියුක්ති තත්ත්වයක් උද්ගත වී නොමැත.

දැනටමත් අපේ කටුනායක සහ බියගම  නිදහස් වෙළෙඳ කලාපවල  පමණක් සේවකයන් 12,500ක අවශ්‍යතාවක්තිබෙනවා. සේවකයන් නැතිකමයි  දැනට ප්‍රශ්නය වෙලා තිබෙන්නේ. 

(ආ)     අදාළ නොවේ.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම්:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்புகள் :

   Annexes tabled:

 

පිළිතුරු දුන් දිනය

2013-10-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks