Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
3692/’13
Hon. Anura Dissanayaka,— To ask the Minister of Investment Promotion,—
(a) Will he inform this House—
(i) of the date on which Sri Lanka became deprived of the GSP plus Tax concession;
(ii) of the number of garment factories closed down in Sri Lanka from then onwards;
(iii) of the number of Sri Lankan labourers who lost employment as a result;
(iv) of the income dispossessed by the country through the closure of the aforesaid garment factories; and
(v) of the procedure implemented to make the persons who became unemployed in the above manner, employed?
(b) If not, why?
Asked Date
2013-10-23
Asked by
Hon. Anura Dissanayaka, M.P.
Ministry
Investment Promotion
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා
(மாண்புமிகு லக்ஷ்மன் யாப்பா அபேவர்தன)
(The Hon. Lakshman Yapa Abeywardena)
ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) ජී.එස්.පී. ප්ලස් (GSP Plus) බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වූ දිනය 2010 අගෝස්තු මස 15.
(ii) එතැන් සිට 2012.12.31වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ වසා දමන ලද ඇඟලුම් කම්හල් සංඛ්‍යාව 25යි.
2010 = 10
2011 = 11
2012 = 04
—————
එකතුව 25
ගරු කථානායකතුමනි, "ශ්‍රී ලංකාවේ වසා දමන ලද ඇඟලුම් කම්හල් සංඛ්‍යාව" කියන ප්‍රශ්නයට මා පිළිතුරු දුන්නාට, මේ ඇඟලුම් කම්හල් සියල්ලම වාගේ ප්‍රධාන කම්හල් විසින් පවරාගෙන තිබෙනවා. ඒ නිසා "වසා දමන ලද" යනුවෙන් සඳහන් කළාට, ඒ ඇඟලුම් කම්හල් සියල්ලම වාගේ ප්‍රධාන කම්හල්වලට පවරාගෙන හෝ ඒකාබද්ධ වෙලා තිබෙනවා.
මෙම ඇඟලුම් කම්හල් වැඩි ප්‍රමාණයක් ප්‍රධාන කම්හල් පවරා ගෙන හෝ ප්‍රධාන කම්හල් සමඟ ඒකාබද්ධ වී ඇත. එම ඇඟලුම් කම්හල් පිළිබඳ වැඩි විස්තරයක් ඇමුණුම 01හි දක්වා තිබෙනවා. වැසුවාට පස්සේ එම සමාගම ලබා ගත්ත සමාගම මොකක්ද කියලා කියන එක එහි සඳන්ව තිබෙනවා. ඒකෙන් කියන්නේ නැහැ, ඒ සමාගම වැහුණා කියලා. වෙනත් සමාගමක් විසින් -මහ සමාගමක් විසින්- පොඩි ඇඟලුම් කර්මාන්තශාලා මිලයට අරගෙන තිබෙනවා. ඒ ඇමුණුම මම ඔබතුමාට දෙනවා, කොච්චර ප්‍රමාණයක් ඒකට එක්කාසු වුණාද කියලා දැන ගන්න.
ඇමුණුම් 01 සභාගත* කරමි.
(iii) දැනටත් රැකියා හිඟයක් තිබෙනවා. රැකියා අහිමි වෙලා නැහැ. ඒ අය වෙනත් සමාගම්වල රැකියාවට ගිහින් තිබෙනවා. කොහොම වුණත් වහපු සමාගමේ සිටිය ප්‍රමාණය මම ඔබතුමාට කියනවා. සම්පූර්ණ ගණන 9,879යි. ඒ 9,879 දෙනා වෙනත් සමාගම්වලට ගිහින් තිබෙනවා. ඒ සමාගම්වලට ගිය සේවක සංඛ්‍යාව වෙනමම අදාළ විස්තරත් සමඟ මම ඇමුණුමෙන් ඉදිරිපත් කරනවා.
(iv) මුල් සමාගම්වලට ආදායම අහිමි වුණාට, ප්‍රධාන සමාගම්වලට එක්කාහු වුණාම ඒ ආදායම රටට ලැබිලා තිබෙනවා. එය රුපියල් මිලියන 782කි. ඇඟලුම් අපනයන පිළිබඳ වැඩි විස්තර ඇමුණුම 02හි දක්වා ඇත.
ඇමුණුම් 02 සභාගත* කරමි.
(v) රැකියා අහිමි වූ සේවකයන් පිළිබඳව දත්ත සපයනු ලැබුවද, සත්‍ය තත්ත්වය විග්‍රහ කරනුයේ එම ශ්‍රමිකයන් වෙනත් කර්මාන්තශාලාවලට සේවා නියුක්ත වූ බවය. පහත දැක්වෙන සේවක සංඛ්‍යාව පිළිබඳ වාර්තාවේ සඳහන් පරිදි, -ඔබට මේ වාර්තාවෙන් සඳහන් කළ පරිදි- ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිය ක්‍රමයෙන් වර්ධනය වී ඇත. රැකියා වියුක්තිය නොවෙයි, රැකියා නියුක්තිය ක්‍රමයෙන් වර්ධනය වෙලා තිබෙනවා. ඒ බව පහත සඳහන් සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වෙනවා.
|
වර්ෂය |
සේවා නියුක්තිය |
සේවා නියුක්තියෙහි වාර්ෂික වර්ධනය |
|
2010 |
263,068 |
|
|
2011 |
283,526 |
20,458 |
|
2012 |
291,299 |
7,773 |
|
|
එකතුව |
28,161 |
ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ පා ඇති ප්‍රධානතම ගැටලුව වනුයේ කර්මාන්තයට අවශ්‍ය ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් නොමැති වීම වන අතර, ඇඟලුම් ක්ෂේත්‍රයේ එම සේවක හිඟය 30,000ක් ලෙස තක්සේරු කර ඇත. එබැවින් GSP Plus බදු සහනයෙන් පසු ඇඟලුම් කම්හල් වසා දැමීම නිසා රැකියා වියුක්ති තත්ත්වයක් උද්ගත වී නොමැත.
දැනටමත් අපේ කටුනායක සහ බියගම නිදහස් වෙළෙඳ කලාපවල පමණක් සේවකයන් 12,500ක අවශ්‍යතාවක්තිබෙනවා. සේවකයන් නැතිකමයි දැනට ප්‍රශ්නය වෙලා තිබෙන්නේ.
(ආ) අදාළ නොවේ.
*සභාමේසය මත තබන ලද ඇමුණුම්:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்புகள் :
Annexes tabled:
Answered Date
2013-10-23
Answered by
Hon. Lakshman Yapa Abeywardena, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks