04

E   |     |  

 දිනය: 2010-05-18   පිළිතුර ලබා දී ඇත 

0009/2010: Forest Resources Management Project

0009/’10

ගරු රවී කරුණානායක මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      වන සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා ණය ලබාගත් විදේශ ආයතනය හා අදාළ ණය ප්‍රමාණය කොපමණද;

             (ii)      මෙම ව්‍යාපෘතිය ය‍ටතේ මිනුම් සිදුකොට, සිතියම්ගත කිරීමට ඉලක්ක කළ කැලෑ ඉඩම් ප්‍රමාණය කොපමණද;

(iii) සිතියම්ගත කළ ඉඩම් ප්‍රමාණය කොපමණද;

(iv) ඊට වැයකළ මුදල කොපමණද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) උක්ත ව්‍යාපෘතිය යටතේ උපදේශකවරුන් ලෙස බඳවාගත් විදේශිකයින් සඳහා ගෙවූ මුදල කොපමණද; 

(ii) මෙම ව්‍යාපෘතිය යටතේ විදේශ සංචාර කළ අය කවුරුන්ද;

(iii) එම විදේශ සංචාර සඳහා වැය කළ මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ඇ) (i) උක්ත ව්‍යාපෘතිය යටතේ වනාන්තරවල මායිම් සඳහා ගන්නා ලද කොන්ක්‍රීට් මායිම් කණු සංඛ්‍යාව හා වැය කළ මුදල කොපමණද; 

(ii) ඉතිරිව ඇති කණු සංඛ්‍යාව කොපමණද; 

(iii) අවශ්‍ය සංඛ්‍යාව සමග සංසන්දනය කිරීමේදී ඉතිරිවන කණු සංඛ්‍යාව කොපමණද;

(iv) මෙම ව්‍යාපෘතියේ සිතියම්ගත කිරීම් හා යොදාගන්නා ලද මායිම් කණු සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අනුමතිය ලැබී තිබේද;

 යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-05-18

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks